Day: March 24, 2021

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයත් ලබන සඳුදා සිට නිරෝධායන සීමා ලිහිල් කරයි

ලබන සඳුදා සිට බලපැවැත්වෙන පරිදි නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේද නිරෝධායන රෙගුලාසි ලිහිල් කර තිබෙනවා. ප්‍රාන්ත අගමැති Gladys Berejiklian නිවේදනය කලේ විනෝදාත්මක ඉසව් සඳහා මෙතෙක් තිබූ තහණම ඒ අනුව ඉවත් කෙරෙන බවයි. විවාහ සහ අවමංගල්‍ය උත්සව සඳහා සහභාගීවීමට මෙතෙක් පණවා තිබු උපරිම සංඛ්‍යාවද ඉවත් කර තිබෙනවා. කෙසේවෙතත් මීටරයක දුරස්ථභාවය පවත්වා ගැනීම තවදුරටත් ක්‍රියාත්මක බවයි අගමැති Gladys Berejiklian සඳහන් කලේ.

Read More »

සුපිරි පිතිකරු ඩිල්ශාන් MRI ස්කෑන් පරීක්ෂණයකට

සුපිරි පිතිකරු ටී .එම් ඩිල්ශාන් අභ්‍යන්තර ලේ වහනයක් හේතුවෙන් එම්.ආර්.අයි.ස්කෑන් පරීක්ෂණයකට භාජනය කෙරෙයි. ලෙජන්ඩ්ස් තරගාවලියම ඩිල්ෂාන් ක්‍රීඩා කොට ඇත්තේ ද මෙම ආබාධය සහිතව බවයි වාර්තා වන්නේ. ඔහු මෙම ආබාධය විදදරාගනිමින් අඛන්ඩව ක්‍රිඩා කර ඇතැයි සදහන්.

Read More »

ඔස්ට්‍රේලියාවේ වාර්තා ගත ලෙස ජනගහනයේ අඩු වීමක්!

කොරෝනා වසංගතය හමුවේ ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ නතර වීමත් සමඟ ජනගහනයේ සැලකිය යුතු බැස්මක් පවතින බව නවතම ජනගහන දත්ත වලින් අනාවරණය වී ඇත​. ඔස්ට්‍රේලියාවට​ පැමිණීමට වඩා පසුගිය වසරේ ජූලි සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ වැඩි පිරිසක් රට හැර ගියහ. එමඟින් ජනගහනය 4,200 කින් හෙවත් සියයට 0.2 කින් පහත වැටුණි. මෙලෙස ජනගහනයේ සැලකිය යුතු අඩුවීමක් වාර්තා වී ඇත්තේ දෙවන ලෝක යුද්ධ සමයෙන් පසු බවයි සඳහන් වන්නේ. පසුගිය වසරේ සැප්තැම්බර් සිට මාස තුන දක්වා කාලය තුළ පුද්ගලයින් 55,400 ක්

Read More »