Search

ඔස්ට්‍රේලියාවේ වාර්තා ගත ලෙස ජනගහනයේ අඩු වීමක්!

කොරෝනා වසංගතය හමුවේ ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ නතර වීමත් සමඟ ජනගහනයේ සැලකිය යුතු බැස්මක් පවතින බව නවතම ජනගහන දත්ත වලින් අනාවරණය වී ඇත​.

ඔස්ට්‍රේලියාවට​ පැමිණීමට වඩා පසුගිය වසරේ ජූලි සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ වැඩි පිරිසක් රට හැර ගියහ. එමඟින් ජනගහනය 4,200 කින් හෙවත් සියයට 0.2 කින් පහත වැටුණි.

මෙලෙස ජනගහනයේ සැලකිය යුතු අඩුවීමක් වාර්තා වී ඇත්තේ දෙවන ලෝක යුද්ධ සමයෙන් පසු බවයි සඳහන් වන්නේ.

පසුගිය වසරේ සැප්තැම්බර් සිට මාස තුන දක්වා කාලය තුළ පුද්ගලයින් 55,400 ක් ඕස්ට්‍රේලියාවෙන් පිටත්ව ගිය අතර 20,600 ක් පැමිණ ඇත. එනම්, 34,800 දෙනෙකුගේ ඍණාත්මක ශුද්ධ විදේශ සංක්‍රමණ අගයක් වාර්තා වේ.

ජනගහන වර්ධනයෙන් තුනෙන් දෙකක් සඳහා සාමාන්‍යයෙන් සංක්‍රමණය කෙරෙහි විශ්වාසය තබන ඔස්ට්‍රේලියාවේ වසා දමා ඇති දේශ සීමා මෙම ජනගහන බැස්මට හේතු වී ඇත​.

වසංගතයට පෙර, වාර්ෂික ජනගහන වර්ධනය සියයට 1.5 ක් පමණ වූ අතර, ඉන් බහුතරය පැමිණෙන්නේ විදේශ සංචාරකයින්ගෙනි.

තවද​, ඔස්ට්‍රේලියාවේ උපත් අනුපාතය වසර ගණනාවක් තිස්සේ පහත වැටෙමින් පවතින අතර කොරෝනා සමයේ මෙම තත්වය තවදුරටත් නරක අතට හැරී ඇත​.

සංඛ්‍යා ලේඛණ වලට අනුව​ සැප්තැම්බර් සිට මාස 12 දක්වා කාලය තුළ ස්වාභාවික වැඩිවීම පුද්ගලයින් 135,400 ක් වූ අතර එය පෙර වසරට වඩා 3.8% ක අඩුවීමකි.

බොහෝ විද්‍යාඥයින් පවසන්නේ පසුගිය වසර 26 තුල දැවැන්ත ආර්ථික වර්ධනයක් හිමි කර ගැනීමට ඔස්ට්‍රේලියාවට හැකි වූයේ තාවකාලික සහ ස්ථිර සංක්‍රමණිකයින් ගේ පැමිණීම නිසා බවත් දැන් පවතින සංචාරක තහනම හමුවේ මෙලෙස ජනගහනය අඩුවීම පුදුමයට කරුණක් නොවන බවත්‍ ය​.

රට පුරා මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටළු රැසක්

ඔස්ට්‍රේලියා ෆෙඩරල් රජය මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳව මීට වඩා විශේෂ අවධානයක් යොමු කළ යුතු බවට සෞඛ්‍ය විශේෂඥයින් විසින් පෙන්වා දී තිබෙනවා.

Read More »

ප්‍රාන්ත තුනකට ඉදිරි දින කිහිපය කාළගුණයෙන් දැඩි බලපෑම්

නිව්සවුත්වේල්ස් , ක්වීන්ස්ලන්ඩ් සහ බටහිර ඔස්ට්‍රේලියා ප්‍රදේශ වලට ඉදිරි දින 3 තුළ දැඩි උෂ්ණත්වයක් අපේක්ෂා කරන බව කාළගුණ විද්‍යා කාර්යංශය අනතුරු ඇගවීමක් කර තිබෙනවා.

Read More »