Day: March 23, 2021

අමෙරිකාවේ වෙඩි තැබීමකින් 10 ක් මරුට

අමෙරිකාවේ කොලරාඩෝ ප්‍රාන්තයේ සුපිරි වෙළදසැලක් තුල මීට ස්වල්ප වේලාවකට පෙර සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. සුපිරි වෙළදසැලට කඩා වැදුණු පුද්ගලයෙකු විසින් විනාඩි 20 කට ආසන්න කාලයක් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ. මියගිය පුද්ගලයින් 10 දෙනා අතර පොලිස් නිළධාරියෙක්ද සිටින අතර මේ වනවිට වෙඩිතැබීම සිදුකල පුද්ගලයා එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කෙසේවෙතත් කුමන හේතුවක් මත මෙම වෙඩි තැබීම සිදුකර ඇත්ද යන්න සම්බන්දයෙන් තවමත් කරුණු අණාවරන

Read More »

වික්ටෝරියා ප්‍රාන්තවාසීන්ට සුභාරංචියක් – සිකුරාදා සිට Face-mask අනිවාර්ය නෑ

වික්ටෝරියා ප්‍රාන්තය තුළ නිරෝධායන රෙගුලාසි තවත් ලිහිල් කර තිබෙනවා. මේ අනුව ලබන සිකුරාදා පස්වරු 06 න් පසු සුපිරි වෙළඳසැල් ඇතුලු අලෙවි ස්ථාන මෙන්ම ස්ථාන රැසක මුව ආවරණ පැළඳීමද අනිවාර්ය වන්නේ නැහැ. කෙසේවෙතත් පොදු ප්‍රවාහන සේවා / කුලී රථ / වැඩිහිටි නිවාස හා රෝහල්වල තවදුරටත් මුව ආවරණ පැළඳීම අනිවාර්ය වනවා. මේ අතර නිවාස වල පවත්වන උත්සව සඳහා උපරිමය 100 දෙනෙකු සහ බාහිර උත්සව සඳහා උපරිමය 200 දෙනෙකු සහභාගී කරවා ගැනීමටද අවසර ලබාදී තිබෙනවා. වික්ටෝරියා ප්‍රාන්තය විසින්

Read More »

ඇස්ට්‍රා-සෙනෙකා සුරක්ෂිතයි – අමෙරිකාවත් කියයි

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා-සෙනෙකා එන්නත සම්බන්ධයෙන් අමෙරිකාව තුළ සිදුකල අත්හදා බැලීමේ ප්‍රථිඵල නිකුත් කර තිබෙනවා. ඊට අනුව කොවිඩ් වෛරසය ආසාධනය වීම වළක්වාලීමෙහි ලා එහි සාර්ථකත්වය සියයට 79 ක් ලෙස පවතින අතර අසාධ්‍ය ලෙස රෝගාතුර වීම වැළැක්වීමේ ප්‍රතිශතය සියයට 100 ක් බවයි අනාවරණ වී ඇත්තේ. ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වූ 32 000 කට ආසන්න පිරිසක් මෙම අත්හදා බැලීමේ පරීක්ෂණය සඳහා යොදාගත් අතර ඉන් බහුතරය අමෙරිකා එක්සත් ජනපදයෙන් වුණා. ඊට අමතරව චිලී සහ පේරු රාජ්‍යයෙන්ද පිරිසක් සහභාගී වී තිබුණා. මේ වනවිට රටවල්

Read More »