ඇස්ට්‍රා-සෙනෙකා සුරක්ෂිතයි – අමෙරිකාවත් කියයි – AusLanka TV – Australian News for the Sri Lankan community

ඇස්ට්‍රා-සෙනෙකා සුරක්ෂිතයි – අමෙරිකාවත් කියයි

ඇස්ට්‍රා-සෙනෙකා සුරක්ෂිතයි – අමෙරිකාවත් කියයි

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා-සෙනෙකා එන්නත සම්බන්ධයෙන් අමෙරිකාව තුළ සිදුකල අත්හදා බැලීමේ ප්‍රථිඵල නිකුත් කර තිබෙනවා.

ඊට අනුව කොවිඩ් වෛරසය ආසාධනය වීම වළක්වාලීමෙහි ලා එහි සාර්ථකත්වය සියයට 79 ක් ලෙස පවතින අතර අසාධ්‍ය ලෙස රෝගාතුර වීම වැළැක්වීමේ ප්‍රතිශතය සියයට 100 ක් බවයි අනාවරණ වී ඇත්තේ.

ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වූ 32 000 කට ආසන්න පිරිසක් මෙම අත්හදා බැලීමේ පරීක්ෂණය සඳහා යොදාගත් අතර ඉන් බහුතරය අමෙරිකා එක්සත් ජනපදයෙන් වුණා.

ඊට අමතරව චිලී සහ පේරු රාජ්‍යයෙන්ද පිරිසක් සහභාගී වී තිබුණා.

මේ වනවිට රටවල් රැසක ඇස්ට්‍රා-සෙනෙකා එන්නත භාවිත කෙරෙන නමුත් අමෙරිකාව තුළ එය මේ දක්වා ආරම්භ නොවුයේ මෙම අත්හදා බැලීමේ ප්‍රථිඵල ලැබෙන තුරුයි.

COMMENTS