Day: March 21, 2021

සිඩ්නි ජල ගැලීම් : සිරවී සිටින්නන් මුදාගැනීමට විශේෂ මෙහෙයුම්

සිඩ්නි නගරයේ ජල ගැලීම් හේතුවෙන් සිරවී සිටින්නන් මුදාගැනීමට විශේෂ මෙහෙයුම් මාලාවක් ආරම්භ වී තිබෙනවා. මාර්ග රැසක් ජලයෙන් යටවී තිබීමයි ඊට හේතුව වන්නේ. වැඩිහිටි නිවාසවල සිටින්නන් මුදා ගැනීමට ප්‍රමුඛතාවය දී තිබෙනවා. නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට බලපා ඇති ධාරාණිපාත වර්ෂා තත්වය ලබන බ්‍රහස්පතින්දා දක්වා පවතිනු ඇති බවටයි කාළගුණ අංශ අනතුරු අගවා සිටින්නේ.

Read More »

මාධ්‍ය නිදහස යනු මාධ්‍ය ආයතනයේ හිමිකරුගේ නිදහස නොවේ – ජනපති

මාධ්‍ය නිදහස් යනු මාධ්‍ය ආයතනයේ හිමිකරුගේ නිදහස් නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිවරයා මෙම අදහස් පල කළේ “ගම සමග පිළිසඳර“ 15 වැනි අදියරට අද එක් වෙමින්. මෙම වැඩසටහන අද පැවැත්වුණේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් යෝඹුවැල්තැන්න ගම්මානය කේන්ද්‍ර කර ගනිමින්. එහිදී ජනතාව ඇමතූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවේ වත්මන් ආණ්ඩුවේ මූලික ප්‍රතිපත්තිය දුප්පත් ගම්මානවල ආදායම් තත්ත්වය ඉහල නැංවීම බවයි. ඒ අනුව කෘෂිකර්මාන්තය හා වැවලි කර්මාන්තය වෙනුවෙන් වත්මන් ආණ්ඩුව විශේෂ අවධානයක්

Read More »

මෙදා පාර ඔලිම්පික් බලන්න බැරිවෙයි

කල්දමන ලද ඔලිම්පික් උළෙල සහ පැරලිම්පික් තරගාවලිය නැරඹීම සඳහා කිසිදු ජාත්‍යන්තර නරඹන්නෙකුට අවසර නොදෙන බව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව පවසනවා. තරග සංවිධායකයන් සඳහන් කලේ කොවිඩ් වසංගත තත්වය ඊට හේතුව බවයි. පසුගිය වසරේ ජූලි මාසයේදී පැවැත්වීමට නියමිතව තිබී කල් දමන ලද 2020 ඔලිම්පික් තරගාවලිය මෙම වසරේ ජූලි 23 වනදා සිට අගෝස්තු 08 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

Read More »