Day: March 10, 2021

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

දෙමටගොඩ ප්‍රදේශයේ දී තරුණයකු ඩිෆෙන්ඩර් රථයකින් පැහැර ගෙන ගියේ යැයි කියන සිද්ධියට චෝදනා ලැබ සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අත්අඩංගුවට ගැනීමට කොළඹ මහාධිකරණය අද වරෙන්තු නිකුත් කර තිබෙනවා. මෙම සිද්ධියේ නඩුවට පෙනී නොසිටීම හේතුවෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි කොළඹ මහාධිකරණයෙන් පොලීසියට මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.

Read More »

Chemist Warehouse ඇතුළු වෙළඳසැල් කීපයක විකිණීමට තිබූ ළදරු සෙල්ලම් බඩු වර්ගයක් (Baby rattles) නැවත කැඳවේ.

ඕස්ට්‍රේලියානු පාරිභෝගික කොමිෂන් සභාව විසින් ඊයේ නිවේදනයක් නිකුත් කරමින් Playgro Pty Ltd නැමති ආයතනය විසින් නිෂ්පාදිත Clip Clop Activity Rattle (Blue/Pink) නැමති ළදරු සෙල්ලම් බඩු වර්ගය මිලදී ගත් පිරිස් එය භාවිතයෙන් වැළකී වහාම ඒවා නැවත වෙළඳසැල් වෙත භාර දෙන ලෙස උපදෙස් දී තිබේ. මෙම නිෂ්පාදනයේ ඇති දෝෂයක් හේතුවෙන් එහි ඇති කුඩා කොටස් කුඩා දරුවන්ට හුස්ම හිරවීමේ අවදානමක් ඇති කරයි. මෙම සෙල්ලම් බඩු වර්ගය Myer, Chemist Warehouse සහ Baby Bunting වෙළඳසැල් වල 2020 අගෝස්තු මස සිට

Read More »

2021 ජනවාරි 21 දිනට​ ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණික​ නිපුණතා(SkillSelect) ආරාධනා වටයේ ප්‍රතිඵ​ල ප්‍රකාශයට පත් කෙරේ.

2021 ජනවාරි 21 දිනට ​ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණික​ නිපුණතා(SkillSelect)  ආරාධනා වටයේ ප්‍රතිඵ​ල නිකුත් කර ඇති අතර එම​ අගයන් පහත දැක් වේ. Visa subclass Jul Aug Sep Oct Nov Dec Jan Feb Mar Apr May Jun Total Skilled Independent visa (subclass 189) 500 110 350 30 200 1190 Skilled Work Regional (Provisional) visa (subclass 491) – Family Sponsored 100 90 150 80 163 583 Total 600 200 500 110 363 1773 2021 ජනවාරි 21 දිනට ආරාධනා වටයේ දී

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ ළමා ආරක්ෂණ මධ්‍යස්ථානවල ආමාශ ආශ්‍රිත රෝගයක් පැතිරී යන බවට අනතුරු ඇඟවීමක්!

වික්ටෝරියානු සෞඛ්‍ය නිලධාරීන් විසින් ළමා සුරැකුම් මධ්‍යස්ථාන සඳහා හදිසි ආමාශ ආශ්‍රිත රෝගයක් පැතිරී යන බවට අනතුරු අඟවා ඇති අතර​ පසුගිය වසර 5 තුල කාලය හා සැසඳීමේදී මෙම රෝගී තත්වයේ ව්‍යාප්තිය​ හතර ගුණයකටත් වඩා වැඩි බව සඳහන්. වාර්තා වී ඇති රෝගීන්ගේ සංඛ්‍යාව ශීඝ්‍ර ලෙස ඉහළ යාම හේතුවෙන් කුඩා දරුවන් අසනීප වුවහොත් ඔවුන්ව නිවසේ තබා ගැනීමට දෙමාපියන් සහ රැකබලා ගන්නන් හට වික්ටෝරියානු සෞඛ්‍ය බලධාරීහු නිර්දේශ කර ඇත​. මෙම ආමාශය ආශ්‍රිත රෝගී තත්වය​ පුද්ගලයාගෙන් පුද්ගලයාට සම්ප්‍රේෂණය වීම නිසා

Read More »