වික්ටෝරියා ප්‍රාන්තයේ ළමා ආරක්ෂණ මධ්‍යස්ථානවල ආමාශ ආශ්‍රිත රෝගයක් පැතිරී යන බවට අනතුරු ඇඟවීමක්!

වික්ටෝරියානු සෞඛ්‍ය නිලධාරීන් විසින් ළමා සුරැකුම් මධ්‍යස්ථාන සඳහා හදිසි ආමාශ ආශ්‍රිත රෝගයක් පැතිරී යන බවට අනතුරු අඟවා ඇති අතර​ පසුගිය වසර 5 තුල කාලය හා සැසඳීමේදී මෙම රෝගී තත්වයේ ව්‍යාප්තිය​ හතර ගුණයකටත් වඩා වැඩි බව සඳහන්.

වාර්තා වී ඇති රෝගීන්ගේ සංඛ්‍යාව ශීඝ්‍ර ලෙස ඉහළ යාම හේතුවෙන් කුඩා දරුවන් අසනීප වුවහොත් ඔවුන්ව නිවසේ තබා ගැනීමට දෙමාපියන් සහ රැකබලා ගන්නන් හට වික්ටෝරියානු සෞඛ්‍ය බලධාරීහු නිර්දේශ කර ඇත​.

මෙම ආමාශය ආශ්‍රිත රෝගී තත්වය​ පුද්ගලයාගෙන් පුද්ගලයාට සම්ප්‍රේෂණය වීම නිසා ඇතිවූවක් බවට සැක කෙරේ.

“ආමාශ ආශ්‍රිත රෝග ඉතා ආසාදිත වන අතර එය වෛරස්, බැක්ටීරියා හෝ පරපෝෂිතයන් නිසා ඇතිවේ” යැයි වික්ටෝරියානු සෞඛ්‍ අංශය​ අනතුරු ඇඟවීම් නිවේදනයේ සඳහන් කරයි.

ඔක්කාරය, වමනය, පාචනය, උණ, උදර වේදනාව, හිසරදය සහ මාංශ පේශි වේදනාව මෙම රෝගී තත්වයේ ලක්ෂණ වේ.

රෝග ලක්ෂණ වර්ධනය වීමට දින තුනක් ගත වන අතර සාමාන්‍යයෙන් එය පැය 24 හෝ 48 අතර පවතිනු ඇත.

ළමාරක්ෂක මධ්‍යස්ථාන වල​ හෝ පාසැලේ සිටින දරුවන්ට වමනය හෝ පාචනය ඇති වුවහොත් පැය 48 ක් නිවසේ තබා ගන්නා ලෙස සෞඛ්‍ය නිලධාරීන් දෙමාපියන් ගෙන් ඉල්ලා සිටී.

ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සාමාජිකයන් Anzac Day පෙළපාලිවලට එක්වෙයි

මෙවර ඇන්සක් ඩේ සැමරුම් පෙළපාලි සඳහා ශ්‍රී ලංකාවේ හිටපු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසක් ද ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයට ඒකරාශී වී තිබෙනවා.

Read More »

ග්‍රීසියේ ඇතන්ස් නගරය අඟහරුට සමාන වෙයි

සහරා කාන්තාරයෙන් පැමිණෙන දූවිලි වලාකුළු සමඟ ග්‍රීසියේ ඇතන්ස් නගරයට ඉහළින් අඟහරු ග්‍රහ ලෝකයට සමාන තැඹිලි පැහැති දුමාරයක් මතුවී ඇතැයි වාර්තා වනවා.

Read More »

උමා ඔයේ සේවිකාවන් දෙදෙනෙකුට වෙන් වූ ජනන යන්ත්‍ර

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉදිකිරීමේදී ලැබුණු සහාය අගයමින් ජල විදුලි සංකීර්ණයේ ජනන යන්ත්‍ර දෙකක් කාන්තා සේවිකාවන් දෙදෙනෙකුගේ නමින් නම් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Post Study Visa ලබා ගැනීමට හැකි වයස් සීමාව අඩු කෙරේ

ඔස්ට්‍රේලියාවේ පශ්චාත් අධ්‍යයන වීසා සඳහා බලපාන වයස අවුරුදු 35 දක්වා සීමා කිරීමට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

Read More »