Search

Chemist Warehouse ඇතුළු වෙළඳසැල් කීපයක විකිණීමට තිබූ ළදරු සෙල්ලම් බඩු වර්ගයක් (Baby rattles) නැවත කැඳවේ.

ඕස්ට්‍රේලියානු පාරිභෝගික කොමිෂන් සභාව විසින් ඊයේ නිවේදනයක් නිකුත් කරමින් Playgro Pty Ltd නැමති ආයතනය විසින් නිෂ්පාදිත Clip Clop Activity Rattle (Blue/Pink) නැමති ළදරු සෙල්ලම් බඩු වර්ගය මිලදී ගත් පිරිස් එය භාවිතයෙන් වැළකී වහාම ඒවා නැවත වෙළඳසැල් වෙත භාර දෙන ලෙස උපදෙස් දී තිබේ.

මෙම නිෂ්පාදනයේ ඇති දෝෂයක් හේතුවෙන් එහි ඇති කුඩා කොටස් කුඩා දරුවන්ට හුස්ම හිරවීමේ අවදානමක් ඇති කරයි.

මෙම සෙල්ලම් බඩු වර්ගය Myer, Chemist Warehouse සහ Baby Bunting වෙළඳසැල් වල 2020 අගෝස්තු මස සිට 2021 ජනවාරි දක්වා වූ කාලය තුල රට පුරා විකිණීමට ප්‍රදර්ශනය කර ඇත​.

මෙම නැවත කැඳවීම බලපාන්නේ කාණ්ඩ අංක 009837, 009986, 010066 සහ 010199 පමණි.

වැඩි විස්තර සඳහා 03 8558 2000 අමතන්න​.