Day: March 9, 2021

ඕස්ට්‍රේලියානු තාවකාලික වීසා හිමියන්ට වාසි වන ලකුණු! අගමැතිගෙන් ප්‍රකාශයක්!

අද (09/03) දිනයේදී පැවති ඔස්ට්‍රේලියානු මූල්‍ය සමාලෝචන ව්‍යාපාර සමුළුවේදී ඔස්ට්‍රේලියානු අග්‍රාමත්‍ය Scott Morrison විසින් කොරෝනා වසංගතය හමුවේ ආර්ථිකය ගොඩ නැංවීම පිණිස ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව තම අදහස් ප්‍රකාශ කර සිටියේය​. එහිදී ඔහු පැව්සූවේ තාවකාලික වීසා බලපත්‍රලාභීන් ඔස්ට්‍රේලියානු රැකියා වෙළෙඳපොළේ ඇති අත්‍යවශ්‍ය සහ තීරණාත්මක රැකියා පුරප්පාඩු පිරවීම සඳහා යොදා ගන්නේ කෙසේද යන්න පිළිබඳව සලකා බලන බවයි. කොරෝනා වසංගතය හමුවේ ජාත්‍යන්තර​ සංක්‍රමණිකයින් (backpackers) නොමැතිවීම නිසා දැඩි ශ්‍රම හිඟයකට මුහුණ දී ඇත්තේ ඔස්ට්‍රේලියාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රය වේ. මේ අනුව​, තාවකාලික

Read More »

වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති දැඩි සත්කාර ඒකකයේ!

වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews තෙත සහිත පඩිපෙළකින් ලිස්සා ඇද වැටීමෙන් පසුව දැඩි සත්කාර ඒකකයේ පසුවන බව අද දහවල් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියේය​. දීර්ඝ සති අන්තයේ තම පවුලේ අය සමඟ නිවාඩුව ගත කර නැවත තම රාජකාරී කටයුතු ආරම්භ කිරීමට අද උදෑසන සූදානම් වන අතරතුර මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ දීමට ඔහුට සිදු විය​. අද දහවල් ඔහු ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ මෙම අනතුරෙන් ඔහුගේ ඉළ ඇට කිහිපයක් හා කශේරුකා වලට හානි සිදුව ඇති බවයි.

Read More »

ක්වීන්ස්ලන්තයේ මේ අවුරුද්ද තුල රිය අනතුරු නිසා ජීවිත බිලි ගැනීම් 300කට වඩා වැඩි ප්‍රමාණයක් සිදුවේ යැයි අනතුරු ඇඟවීම්! !

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ මේ වසරේ මේ දක්වා මාර්ග අනතුරු හේතුවෙන් පුද්ගලයින් පනස් දෙනෙකු මියගොස් තිබේ. වැඩබලන ප්‍රධාන පොලිස් අධිකාරී රේ රොහ්වෙඩර් පැවසුවේ මාරක රිය අනතුරු 19 ක් යතුරුපැදිකරුවන් විසින් සිදු වූ බවයි. මේ අයුරින් රියදුරන් නොසැලකිලිමත්ව සිදු කරන මෝඩ ක්‍රියාවන් නිසා මේ අවුරුද්ද තුල රිය අනතුරු නිසා ජීවිත බිලි ගැනීම් 300කට වඩා වැඩි ප්‍රමාණයක් සිදු වීමට ඉඩ ඇති බවට අනතුරු අඟවා ඇත​. මෙලෙස ක්වීන්ස්ලන්ත පොලීසිය විසින් තම අදහස් දක්වා ඇත්තේ පසුගිය සතියේ වෝකොල්හි ඉප්ස්විච් මෝටර් රථ

Read More »