ක්වීන්ස්ලන්තයේ මේ අවුරුද්ද තුල රිය අනතුරු නිසා ජීවිත බිලි ගැනීම් 300කට වඩා වැඩි ප්‍රමාණයක් සිදුවේ යැයි අනතුරු ඇඟවීම්! !

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ මේ වසරේ මේ දක්වා මාර්ග අනතුරු හේතුවෙන් පුද්ගලයින් පනස් දෙනෙකු මියගොස් තිබේ. වැඩබලන ප්‍රධාන පොලිස් අධිකාරී රේ රොහ්වෙඩර් පැවසුවේ මාරක රිය අනතුරු 19 ක් යතුරුපැදිකරුවන් විසින් සිදු වූ බවයි.

මේ අයුරින් රියදුරන් නොසැලකිලිමත්ව සිදු කරන මෝඩ ක්‍රියාවන් නිසා මේ අවුරුද්ද තුල රිය අනතුරු නිසා ජීවිත බිලි ගැනීම් 300කට වඩා වැඩි ප්‍රමාණයක් සිදු වීමට ඉඩ ඇති බවට අනතුරු අඟවා ඇත​.

මෙලෙස ක්වීන්ස්ලන්ත පොලීසිය විසින් තම අදහස් දක්වා ඇත්තේ පසුගිය සතියේ වෝකොල්හි ඉප්ස්විච් මෝටර් රථ මාර්ගයේ වේගයෙන් ධාවනය වන ‍යූට් රථයක් පොලිසිය විසින් ඇදගෙන ගිය සිදුවීමක් පිළිබඳ දර්ශනය මුදා හැරීමෙන් අනතුරුවයි.

එම යූට් රථයේ රියදුරාගෙන් ප්‍රශ්න කිරීමේදී නිලධාරියා මගී අසුන පිටුපස හත් හැවිරිදි දැරියක් සොයා ගත්තේය. වාහනයේ සිටි වැඩිහිටියන් දෙදෙනා ආසන පටි පැළඳ සිටි අතර කුඩා දරුවාට ආසන පටි පැළඳ සිට නැති අතර ඇය​ මෝටර් රථයේ ආසනය පිටුපස සිරවී සිටි බව පොලීසිය අනාවරණය කරගෙන ඇත​.

දැරියගේ පියාට වේගයෙන් ධාවනය කිරීම, ආසන පටි පැළඳ නොමැති දරුවෙකු සමඟ රිය පැදවීම සහ වාහනයේ මගී ධාරිතාව ඉක්මවා යාම සම්බන්ධයෙන් වන නීති උල්ලංඝනය කිරීම ට අදාල දඩ මුදල් නිවේදන ​නිකුත් කරන ලදී.

වැඩබලන ප්‍රධාන අධිකාරී රොහ්වෙඩර් පැවසුවේ මාර්තු මස ආරම්භයේ සිට නිලධාරීන් මාර්ග දෙපස මත්ද්‍රව්‍ පරීක්ෂණ 2000 කට ආසන්න ප්‍රමාණයක් පවත්වා ඇති බවයි. එහිදී, රියදුරන් හය දෙනෙකුගෙන් එක් අයෙකු මත්ද්‍රව්‍යවලට ගොදුරු වී ඇති බව වාර්තා වේ.

මෙම තත්වය ඉතා භයානක බව තවදුරටත් ඔහු අදහස් දක්වමින් මාධ්‍ය වෙත පැවසීය​.

https://fb.watch/46eodooaiw/

රටවල් කිහිපයක සිටින ඔස්ට්‍රේලියා පුරවැසියන්ට විශේෂ දැනුම්දීමක්

ඉරානය, ඊශ්‍රායලය සහ පලස්තීනයේ ගැටුම් පවතින ප්‍රදේශවල සිටින ඔස්ට්‍රේලියානුවන්ට රජය විසින් ආරක්‍ෂිත උපදෙස් නිකුත් කර තිබෙනවා.

Read More »