Search

ඕස්ට්‍රේලියානු තාවකාලික වීසා හිමියන්ට වාසි වන ලකුණු! අගමැතිගෙන් ප්‍රකාශයක්!

අද (09/03) දිනයේදී පැවති ඔස්ට්‍රේලියානු මූල්‍ය සමාලෝචන ව්‍යාපාර සමුළුවේදී ඔස්ට්‍රේලියානු අග්‍රාමත්‍ය Scott Morrison විසින් කොරෝනා වසංගතය හමුවේ ආර්ථිකය ගොඩ නැංවීම පිණිස ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව තම අදහස් ප්‍රකාශ කර සිටියේය​.

එහිදී ඔහු පැව්සූවේ තාවකාලික වීසා බලපත්‍රලාභීන් ඔස්ට්‍රේලියානු රැකියා වෙළෙඳපොළේ ඇති අත්‍යවශ්‍ය සහ තීරණාත්මක රැකියා පුරප්පාඩු පිරවීම සඳහා යොදා ගන්නේ කෙසේද යන්න පිළිබඳව සලකා බලන බවයි.

කොරෝනා වසංගතය හමුවේ ජාත්‍යන්තර​ සංක්‍රමණිකයින් (backpackers) නොමැතිවීම නිසා දැඩි ශ්‍රම හිඟයකට මුහුණ දී ඇත්තේ ඔස්ට්‍රේලියාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රය වේ. මේ අනුව​, තාවකාලික වීසා බලපත්‍රලාභීන් කෘෂිකර්මාන්තය සහ ආගන්තුක සත්කාර කර්මාන්තය (hospitality) වැනි අංශ සඳහා යොමු කිරීමට අදාල මාර්ග පිළිබඳව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සලකා බලන බවද අගමැති සඳහන් කලේය​.

තවදුරටත් ඔහු අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ තාවකාලික වීසා හිමියන් හැකිතාක් ප්‍රාදේශීය ඕස්ට්‍රේලියානු ප්‍රදේශ කරා යොමු කිරීම හා අදාල මාර්ගයන් සකස් කිරීමට කටයුතු කරන බවයි.

 

ඔස්ට්‍රේලියාවේ කිඹුලන් ඇති ගඟක දරුවා සමග මසුන් අල්ලන ඡායාරූපයකට විවේචන

ඔස්ට්‍රේලියාවේ බහුල කිඹුල් ගහණයක් ඇති ගංගාවක දරුවා සමග මසුන් අල්ලන වැඩිහිටියෙකුගේ ඡායාරූපයක් අන්තර්ජාලය ඔස්සේ දැඩි විවේචනයට ලක්ව තිබෙනවා. 

Read More »

රියදුරන්ට Claims ලබාගැනීමට ජූනි 30 තෙක් අවස්ථාව

නිව් සවුත්වේල්ස් මෝටර් රථ හිමියන්ට ලබාදුන් ඩොලර් මිලියන 130 ප්‍රතිලාභ ලබාගැනීමට තවමත් ඉදිරිපත් වී නැතැයි ප්‍රාන්ත ප්‍රවාහන අමාත්‍යංශය පවසනවා.

Read More »