Day: February 19, 2021

අද දින වික්ටෝරියානු ප්‍රාන්තයෙන් කොරෝනා ආසාදිතයින් තිදෙනෙකු වාර්තා වේ.

අද දින වික්ටෝරියානු ප්‍රාන්තයෙන් දේශීය වශයෙන් අත්පත් කරගත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙකු වාර්තා වී ඇති නමුත් ඒවා සියල්ලම මෙල්බර්න් Holiday Inn හෝටලය හා සම්බන්ධ බව රාජ්‍ය සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි. සෞඛ්‍ය බලධාරීන්ට ඊයේ කොරෝනා වයිරස් පරීක්ෂණ ප්‍රතිඵ​ල 21,292 ක් ලැබී තිබේ. මෙම කොරෝනා ආසාදිතයින් නිවෙස් වල නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් වේ.

Read More »

ශ්‍රී ලංකාවේ තවත් නෙලුම් කුළුනක්!

“හොඳ හිත නෙළුම් බුදු කුලුන” අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඊයේ(18) දින විවෘත කෙරුණා. තිස්සමහාරාම, පොල්ගහවැලෑන, පන්නෙගමුව පාරේ මෙය ඉදිකර තිබෙනවා. ශාසන කීර්ති ශ්‍රී කලාශූරි පුජ්‍යපාද රත්නපුරේ නන්ද හිමියන් විසින් එම බුදු පිළිම වහන්සේ නිර්මාණය කර තිබෙනවා. අගමැතිවරයා කුලුන විවෘත කිරීමෙන් අනතුරුව එම පරිශ්‍රයේ සල් පැලයක් ද රෝපණය කෙරුණා. 

Read More »