Day: February 18, 2021

ට්‍රම්ප්ගේ කැසිනෝ ගොඩනැගිල්ල කඩා ඉවත් කෙරේ.

නිව් ජර්සි මුහුදු තිරය ආසන්නයේ  පිහිටි ට්‍රම්ප් ප්ලාසා සහ කැසිනෝ ගොඩනැගිල්ල 40 වසරකට පසුව සම්පුර්ණයෙන් කඩා ඉවත් කිරීමට නගර බලධාරීන් කටයුතු කර ඇත​. 1984 වර්ෂයේ දී ආරම්භ කෙරුණු මෙම ට්‍රම්ප් ප්ලාසා ගොඩනැගිල්ල හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ දේපල වෙළදාම් ව්‍යපාරයේ ප්‍රධාන ස්ථානයක් ගනු ලැබීය​. මෙම කැසිනෝ ව්‍යාපාරික කටයුතු 2014 වර්ෂයේදී වසා දැමුණු අතර පසුව එහි නඩත්තු කටයුතු සිදුනොකිරිම හේතුවෙන් මෙලෙස ගොඩනැගිල්ල කඩා ඉවත් කිරිමට සිදුවූ බව නගර බලධාරීන් ප්‍රකාශ කර සිටී.

Read More »

වික්ටෝරියානු පළතුරු අස්වැන්නේ නියලෙන්නන් හට​ ඩොලර් 2500ක් දක්වා බෝනස් මුදල්!

වික්ටෝරියානු නව ප්‍රාන්ත රජයේ යෝජනා ක්‍රමයක් යටතේ සති අටක් පලතුරු අස්වැන්නේ නියලෙන්නන් හට​ ඩොලර් 2500 ක් දක්වා බෝනස් මුදල් ලබා ගත හැකිය. ඕස්ට්‍රේලියාවේ දේශ සීමාව වසා දමා ඇති බැවින් පලතුරු වතු වල විදේශීය සෘතුමය කම්කරුවන්ගේ හිඟයක් පවතී. මේ හේතුවෙන් පලතුරු නාස්තිය පිළිබඳව ගොවීන් නැවත නැවතත් කනස්සල්ල පළ කිරීම මෙම යෝජනා ක්‍රමය හඳුවා දීමට හේතු විය​. සෘතුමය අස්වැන්න නෙලීමට කැමති පුද්ගලයින් හට​ ප්‍රසාද දීමනා ගෙවීම් දෙකකින් ලබා දෙන අතර සති දෙකක් වැඩ කිරීමෙන් පසු ඩොලර් 810

Read More »

ශ්‍රී ලංකාව විසින් බ්‍රිතාන්‍යයට පනවා තිබූ සංචාරක තහනම ඉවතට​!

බ්‍රිතාන්‍යයේ ව්‍යාප්තවන නව කොවිඩ් -19 ප්‍රභේදය හේතුවෙන් එරට සිට ශ්‍රී ලංකාව දක්වා පනවා තිබූ තාවකාලික ගුවන් ගමන් තහනම වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් උපදෙස් ලබාදුන් බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර තිබේ. ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විසින් හඳුන්වා දී ඇති මාර්ගෝපදේශ යටතේ එක්සත් රාජධානියේ සංචාරකයින්ගේ පැමිණීම ද නැවත ආරම්භ වේ. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති රැස්වීමකදී සෞඛ්‍ය බලධාරීන් විසින් තීරණය කර ඇත්තේ දින 14 නිරෝධායන හා PCR පරීක්ෂණවලට යටත්ව බ්‍රිතාන්‍යයේ

Read More »