වික්ටෝරියානු පළතුරු අස්වැන්නේ නියලෙන්නන් හට​ ඩොලර් 2500ක් දක්වා බෝනස් මුදල්!

වික්ටෝරියානු නව ප්‍රාන්ත රජයේ යෝජනා ක්‍රමයක් යටතේ සති අටක් පලතුරු අස්වැන්නේ නියලෙන්නන් හට​ ඩොලර් 2500 ක් දක්වා බෝනස් මුදල් ලබා ගත හැකිය.

ඕස්ට්‍රේලියාවේ දේශ සීමාව වසා දමා ඇති බැවින් පලතුරු වතු වල විදේශීය සෘතුමය කම්කරුවන්ගේ හිඟයක් පවතී. මේ හේතුවෙන් පලතුරු නාස්තිය පිළිබඳව ගොවීන් නැවත නැවතත් කනස්සල්ල පළ කිරීම මෙම යෝජනා ක්‍රමය හඳුවා දීමට හේතු විය​.

සෘතුමය අස්වැන්න නෙලීමට කැමති පුද්ගලයින් හට​ ප්‍රසාද දීමනා ගෙවීම් දෙකකින් ලබා දෙන අතර සති දෙකක් වැඩ කිරීමෙන් පසු ඩොලර් 810 ක් ද තවත් අතිරේක සති හයක් වැඩ කිරීමෙන් පසු තවත් ඩොලර් 1620 ක් ද ගෙවනු ලැබේ.

ඩොලර් මිලියන 10 ක යෝජනා ක්‍රමයට සුදුසුකම් ලැබීම සඳහා, වික්ටෝරියානුවන්ට පළමු මුදල් ප්‍රසාද දීමනාව ලබා ගැනීම සඳහා අවම වශයෙන් මාසයක් ඇතුලත දින 10ක් වැඩ කළ යුතු අතර අනෙකුත් අතිරේක ගෙවීම ලබා ගැනීම සඳහා අවම වශයෙන් තවත් මාස තුනක් ඇතුළත දින 30 ක් වැඩ කළ යුතුය.

වික්ටෝරියානු ගොවි සම්මේලනයේ සභාපති Emma Germano පැවසුවේ මෙම අස්වැන්න නෙලීම ආශ්‍රිතව ලබා දෙන බෝනස් මුදල් ක්‍රමය​ ගිම්හාන සහ සරත් සමයේ වික්ටෝරියානුවන්ට බෙහෙවින් ලාභදායී වනු ඇති බවයි.

සංගක්කාරට ලොකු පුටුවක්

ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රබලතම ක්‍රීඩා සමාජය වන එංගලන්තයේ මර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ ලෝක ක්‍රිකට් කමිටුවේ නව සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක, සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර පත්කර තිබේ.

Read More »

දැරිය හැකි මිල නිවාස ව්‍යාපෘතිය මගින් ජනතාවට $ බිලියන 4.4 ක ප්‍රතිලාභ

දැරිය හැකි මිල ගණන් යටතේ ආරම්භ කිරීමට නියමිත නිවාස ව්‍යාපෘතිය මගින් ජනතාවට ඩොලර් බිලියන 4.4 ක ප්‍රතිලාභ හිමිවන බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

Read More »

ක්වන්ටාස් ගුවන් නියමුවන් 200 ක් හෙට වැඩ වර්ජනයක

ඉදිරි පැය 24 තුළ වැටුප් වැඩි කිරීම් ඇතුලූ තම ඉල්ලීම් වලට විසදුම් ලබා නොදෙන්නේ නම් අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ග වෙත යොමු වන බව ක්වන්ටාස් ගුවන් නියමුවන් ප්‍රකාශ කර තිබෙනවා.

Read More »