Search

දින 12 කට පසු වික්ටෝරියා ප්‍රාන්තයෙන් ආසාධිතයන් 03 ක් / Ariele Apartments හුදකලා කෙරේ

දින 12 කට පසු වික්ටෝරියා ප්‍රාන්තයෙන් ගතවූ පැය 24 තුළදී කොවිඩ් ආසාධිතයන් 03 දෙනෙකු වාර්තා වී තිබේ.

ඉන් දෙදෙනෙකු Hume ප්‍රදේශයේ පදිංචි අය වන අතර ඔවුන් නිවු සවුත් වේල්ස් සිට Red zones බලපත් යටතේ පැමිණි අය බව සඳහන්.

අනෙක් තැනැත්තා ඔවුන් සමග වාසය කරන්නෙකු බවයි වික්ටෝරියා කොවිඩ් පරීක්ෂණ අණ දෙන නිළධාරී Jeroen Weimar සඳහන් කලේ.

මේ අතර NSW සිට පැමිණි removalist සේවකයන් පිරිසක් නවාතැන් ගත් බව කියන Maribyrnong, Ariele Apartments සංකීර්ණය මේ වනවිට හුදකලා ප්‍රදේශයක් ලෙස නම් කර තිබේ.

අදාළ removalist සේවකයන් දෙදෙනෙකු මේ වනවිට කොවිඩ් ආසාධිතයන් ලෙස හඳුනාගෙන අවසන්.

මෙම නිවාස සංකීර්ණයේ පදිංචි පුද්ගලයන්ට වහා කොවිඩ් පරීක්ෂණ වෙත යොමු වන ලෙසටයි දන්වා ඇත්තේ.

ඊඨ අමතරව මෙල්බර්න් හි McDonalds Ballan, Mobil Ballan (Westbound on the Western Freeway) යන ස්ථානද අවධානම් ලැයිස්තුවට ඇතුළත් කර ඇත.

Pic – Google

මෝටර් රථ සොරකමේ ගිය මෙල්බන්වල ගැහැණු ළමයින් දෙදෙනෙකුට වැඩ වරදී

මෙල්බර්න් නගරයේදී මෝටර් රථ කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගැහැණු ළමයින් ඇතුළු බාල වයස්කරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

නව COVID ප්‍රභේදයක් තවත් සති කිහිපයකින් ඔස්ට්‍රේලියාවට?

XEC ලෙසින් හැඳින්වෙන නව COVID ප්‍රභේදයක් ව්‍යාප්ත වෙමින් පවතින අතර එය සති කිහිපයකින් ඔස්ට්‍රේලියාවට ළඟා වනු ඇති බවට සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු අඟවනවා.

Read More »

විපක්ෂයේ සැලසුමක් නිසා නිවාසවල විදුලි බිල්පත් ගාස්තු ඉහළ යන ලකුණු

න්‍යෂ්ටික බලාගාර 7ක් ඉදිකිරීමට ෆෙඩරල් විපක්ෂය ඉදිරිපත් කර ඇති සැලැස්ම හේතුවෙන් පවුල් ඒකකවලට වසරකට ඩොලර් 655කින් පමණ බලශක්ති බිල්පත් වැඩි වන බව නව වාර්තාවක් පෙන්වා දෙනවා.

Read More »