Lockdown හමුවේ පීඩාවට පත් Greater Sydney පුද්ගලයන්ට තවත් $100 ක්

Lockdown තත්වය හමුවේ පීඩාවට පත්ව සිටින Greater Sydney පුද්ගලයන් සහ ව්‍යාපාර වෙනුවෙන් ලබාදීමට යෝජිත මූල්‍යාධාර ප්‍රමාණය ඉහළ නැංවීමට යෝජනා වී තිබේ.

ඒ සඳහා නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජයේ මෙන්ම ඔස්ටේ්‍රලියා මධ්‍යම රජයේද අනුමැතිය ලැබී ඇත.

මේ අනුව Lockdown තත්වය හමුවේ රැකියා නොමැතිව සිටින පුද්ගලයන් වෙනුවෙන් අමතර ඩොලර් 50 ක සහ 100 ක මුදලක් ලබාදීමට යෝජිතයි.

සතියකට පැය 20 කට වැඩි කාලයක රැකියාවල නිරත වූවන්ට මේ අනුව ඩොලර් 500 ක් ලෙස පැවති මුදල ඩොලර් 600 දක්වාද / සතියකට පැය 20 කට අඩු කාලයක රැකියාවල නියුතුවූවන්ට ඩොලර් 325 ක් ලෙස පැවති මුදල ඩොලර් 375 දක්වාද ඉහළ නැංවෙනු ඇති.

මීට අදාළ නිල නිවේදනය අද පැවැත්වෙන මාධ්‍ය හමුවකදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

NSW ප්‍රාන්තයේ Lockdown තත්වය සති කිහිපයක් පැවතිය හැකි බවට අනාවැකි පළවීමත් සමගයි මේ තීරණය ගෙන ඇත්තේ.

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය භාවිතා කරන්න බැරිවෙන ලකුණු

මෙරට සමාජ මාධ්‍ය භාවිතය සඳහා වයස් සීමාවන් බලපැවැත්වෙන නව ක්‍රියාමාර්ග හඳුන්වා දෙන්නැයි සිදු කෙරෙන ඉල්ලීම් වැඩි වෙමින් ඇතැයි වාර්තා වනවා.

Read More »

ශ්‍රී ලංකා ජනපති සහ ඉලෝන් මස්ක් අතර හමුවක්

ඉන්දුනීසියාවේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලොව ප්‍රධාන පෙළේ ධනවතෙක් ලෙස සැලකෙන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මෙන්ම ට්විටර් සමාගමේ හිමිකරු වන ඉලෝන් මස්ක් හමුවී තිබෙනවා.

Read More »

සිඩ්නිහි තවත් පිහි ඇනුමකින් පොලිස් නිලධාරියෙක් රෝහලේ

සිඩ්නි නුවර සීබීඩීහි එලිසබෙත් වීදියේ දී පොලිස් නිලධාරියකුගේ හිසට පිහියෙන් ඇන බරපතල තුවාල සිදු කිරීමට සම්බන්ධ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය බලධාරීන්ට අභියෝගයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ පාසැල් ළමුන් අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඉලෙක්ට්‍රොනික දුම්වැටි පාලනය සඳහා පාසැල් මට්ටමින් නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

Read More »