
වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවූ කොවිඩ් ආසාධිතයන් මෙන්ම ඔවුන්ගේ ආශ්‍රිතයන් මෙල්බර්න් නගරයේ ජනාකීර්ණ ස්ථාන රැසකද ගමන් කර ඇති බව හෙළිවෙයි.
අද පැවති මාධ්‍ය හමුවකදී වික්ටෝරියා හි පරීක්ෂණ ප්‍රධානී Jeroen Weimar පැවසුවේ නිවාස හෝ සේවා ස්ථාන වැනි සීමා සහිත ස්ථානයකට වඩා මෙවැනි ජනාකීර්ණ ස්ථානවල කොවිඩ් සම්ප්‍රේෂණය අතිශය භායනක බවයි.
මෙලෙස හඳුනාගත් නව ස්ථාන නම්

- Craigieburn Central
- Bay Street in Port Melbourne
- Clarendon Street in South Melbourne
- Pacific Epping or the Epping Plaza
- Epping North Shopping Centre
- Broadway Reservoir
පසුගිය සති 02 තුළ මෙම ස්ථානවල සිටි සෑම අයෙකුම වහා පරීක්ෂණයකට යොමුවන ලෙසටද Jeroen Weimar ඉල්ලා සිටියා.