
අද සිට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ඇතුලු ගුවන් තොටුපොළ තුනක් ශ්‍රී ලංකාවට පැමිණෙන පිරිස් සඳහා විවෘත කෙරෙනවා.
කෙසේ වෙතත් පැමිණෙන මගීන් ප්‍රමාණය සීමා කිරීමක් සිදුකෙරන බවයි ගුවන් සේවා අමාත්‍යංශය කියාසිටියේ.
ඒ අනුව එක් ගුවන් යානයක ගමන් කළ හැකි මගීන් ප්‍රමාණය 75 ක් හෝ ඊට අඩු සංඛ්‍යාවක් විය යුතුයි.

පැමිණෙන සියලූදෙනා දින 14 ක අනිවාර්ය නිරෝධායන කාලසීමාවකට යටත්ව පී සී ආර් පරීක්ෂණ සඳහා යොමුවිය යුතු වනවා.
පසුගිය මැයි 21 වන දා මධ්‍යම රාත්‍රියේ සිට දින 14 ක කාලයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන සියලූ මගී ගුවන් යානා අත්හිටුවීමටයි සිවිල් ගුවන් සේවා අධිකාරිය තීරණය කලේ.

කෙසේවෙතත් ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් යානා සඳහා අද සිට ගුවන්තොටුපොළ විවෘත වුවත් ඉන්දියාවේ සහ වියට්නාමයේ සිට පැමිණෙන පුද්ගලයන්ට පැමිණිමට අවසර හිමිවන්නේ නැහැ.
එමෙන්ම ඉකුත් දින 14 ක කාලය තුළ ඉන්දියාවේ සහ වියට්නාමයේ රැඳී සිටි හෝ එම රටවල ගුවන් තොටුපොළ අතරමැදි (Transit) ගුවන් තොටුපළක් ලෙස භාවිත කල ශ්‍රී ලාංකිකයින්ට සහ වෙනත් සංචාරකයින්ටද මෙම තහනම බලපැවැත්වෙනවා.
එම රටවල කොවිඩ් වසංගත තත්වය සලකා බැලීමෙන් පසුවයි සෞඛ්‍ය අංශ උපදෙස් පරිදි මෙම තීරණයට එළැඹී ඇත්තේ.
අනෙක් රටවල් සම්බන්ධයෙන් දැනට එවැනි තීරණයක් ගෙන නොමැති හෙයින් ශ්‍රී ලංකාවට ඒමේ බලාපොරොත්තුවෙන් එම රටවල්වල රැඳී සිටින ශ්‍රී ලාංකිකයින්ට හා සංචාරකයින්ට සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් ශ්‍රී ලංකාවට පැමිණිය හැකියි.