දුර්වල ඉංග්‍රීසි භාෂා කුසලතා ඇති වයස්ගත සංක්‍රමණිකයින් ඔස්ට්‍රේලියාවට බාරගැනීම නතර කළ යුතු බවට යෝජනා

ඔස්ට්‍රේලියාව යළි තම දේශ සීමා විවෘත කරන විට ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික ප්‍රතිපත්තිය පිළිබඳව නැවත සිතා බැලිය යුතු බව Grattan ආයතනයේ නවතම වාර්තාවක් පෙන්වා දෙයි.

ඔස්ට්‍රේලියානු ආර්ථිකයට ප්‍රතිලාභ අත්කරදෙන සංක්‍රමණිකයින්ව වත්මන් සංක්‍රමණික ප්‍රතිපත්ති ඔස්සේ  ඔස්ට්‍රේලියාව ආකර්ෂණය නොකරගන්නා බවට එම වාර්තාව පවසයි.

  • දුර්වල ඉංග්‍රීසි භාෂා කුසලතා ඇති වයස්ගත සංක්‍රමණිකයින් ඔස්ට්‍රේලියාවට බාරගැනීම නතර කළ යුතු බවට Grattan ආයතනයේ නවතම වාර්තාවක් යෝජනා කර තිබේ.
  • ඔස්ට්‍රේලියාවේ ව්‍යාපාර නව්‍යකරණයට ලක් කිරීමට, ආර්ථිකය වර්ධනය කිරීමට සහ වයස්ගත ජනගහනයේ වේගය මන්දගාමී කිරීමට අවශ්‍ය නම් එය ක්‍රියාත්මක කළ යුතු බව එම වාර්තාව පෙන්වා දෙයි.
  • නිපුණතා සංක්‍රමණිකයින් සඳහා වන අනුග්‍රාහක ක්‍රියාවලිය සරල කිරීම සහ තරුණ, පුහුණු සංක්‍රමණිකයන් ඔස්ට්‍රේලියාවට බාරගැනීම මෙන්ම ඔවුන්ට ඉහළ වැටුප් ගෙවීම Grattan ආයතනය යෝජනා කරයි

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික ප්‍රතිපත්ති සංශෝධනය කළ යුතු බවට පවසන Grattan ආයතනයේ මෙම වාර්තාව පහත සඳහන් නිර්දේශ ඉදිරිපත් කර ඇත.

    • දැනට ක්‍රියාත්මක වන Business Investment and Innovation visa program හෙවත් ව්‍යාපාර ආයෝජන සහ නවෝත්පාදන වීසා වැඩසටහන අහෝසි කිරීම.
    • Global Talent වීසා වැඩසටහන නැවත විශ්ලේෂණය කර ස්වාධීනව ඇගයීමට ලක් කිරීම.
    • Occupation list හෙවත් රැකියා/වෘත්තීය ලැයිස්තු හරහා ලබාදෙන Temporary Skill Shortage වීසා මත ස්ථිර පුහුණු සේවක වීසා (permanent skilled worker visas) ලබා දීමෙන් වැළකීම.
    • අවම වශයෙන් වසරකට ඩොලර් 80,000 ක් උපයන්නේ නම් employer-sponsored වීසා බලපත්‍ර සියලු රැකියා/වෘත්තීන් සඳහා ලබා දීම.
    • තරුණ, පුහුණු සංක්‍රමණිකයින් වඩා හොඳින් තෝරා ගැනීම සඳහා points-tested ක්‍රමය යටතේ ස්ථිර වීසා ලබා දීම පිළිබඳ ස්වාධීන සමාලෝචනයක් කිරීම.
    • Permanent skilled worker visa හෙවත් ස්ථිර පුහුණු සේවක වීසා බලපත්‍ර ලබා දීම වැඩි දියුණු කිරීම සහ ඒවායේ අයදුම්පත් සලකා බැලීමේ කාලය වේගවත් කිරීම සඳහා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව අවධානය යොමු කිරීම.

(ABC / SBS)

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය භාවිතා කරන්න බැරිවෙන ලකුණු

මෙරට සමාජ මාධ්‍ය භාවිතය සඳහා වයස් සීමාවන් බලපැවැත්වෙන නව ක්‍රියාමාර්ග හඳුන්වා දෙන්නැයි සිදු කෙරෙන ඉල්ලීම් වැඩි වෙමින් ඇතැයි වාර්තා වනවා.

Read More »

ශ්‍රී ලංකා ජනපති සහ ඉලෝන් මස්ක් අතර හමුවක්

ඉන්දුනීසියාවේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලොව ප්‍රධාන පෙළේ ධනවතෙක් ලෙස සැලකෙන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මෙන්ම ට්විටර් සමාගමේ හිමිකරු වන ඉලෝන් මස්ක් හමුවී තිබෙනවා.

Read More »

සිඩ්නිහි තවත් පිහි ඇනුමකින් පොලිස් නිලධාරියෙක් රෝහලේ

සිඩ්නි නුවර සීබීඩීහි එලිසබෙත් වීදියේ දී පොලිස් නිලධාරියකුගේ හිසට පිහියෙන් ඇන බරපතල තුවාල සිදු කිරීමට සම්බන්ධ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය බලධාරීන්ට අභියෝගයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ පාසැල් ළමුන් අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඉලෙක්ට්‍රොනික දුම්වැටි පාලනය සඳහා පාසැල් මට්ටමින් නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

Read More »