
වික්ටෝරියානු ප්‍රාන්තය මේ වන විට ඉතා තියුණු අභියෝගයකට මුහුණ දී සිටින බව ප්‍රාන්තයේ වැඩබලන ප්‍රාන්ත අගමැති James Merlino පැවසීය.
මේ වන විට වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව කුඩා වුවත් ඔවුන්ගේ ආශ්‍රිතයින් සංඛ්‍යාව ඉතා විශාල බවත් ඔවුන් ආ ගිය ස්ථාන ඉතා පුළුල් පරාසයක ඇති බවත් ඔහු අවධාරණය කළේය.
මෙම වයිරසය ප්‍රාන්තය තුළ සම්ප්‍රේෂණය වීමේ වේගය මන්දගාමී කර ආසාදිතයින් සහ ඔවුන්ගේ ආශ්‍රිතයින්ව ඉතා ඉක්මණින් හඳුනාගැනීමේ අරමුණින් මෙම දින 7 ක lockdown කාලය පැනවූ බවද ඔහු සඳහන් කළේය.

lockdown එක ඉවත් කිරීම ආසාදිතයින් සංඛ්‍යාව මත පමණක් පදනම් නොවන බව ද වැඩබලන ප්‍රාන්ත අගමැති James Merlino පැවසීය.
එනිසා lockdown එක ඉවත් කරනවාද, තවත් දීර්ග කරනවාද යන්න පිළිබඳ කීමට තවමත් කල් වැඩි බව ඔහු ප්‍රකාශ කළේය.

(SBS)