වැටුප් ඉහළ දැමීමට ෆෙඩරල් රජයේ අවධානය

ජීවන වියදම් අර්බුධයත් සමඟ පීඩා විදින කම්කරු ජනතාවගේ වැටුප් ඉහළ දැමීමට ෆෙඩරල් රජයේ අවධානය යොමුව තිබෙනවා.

ඔම්බුට්මන් කාර්යාලය ලබා දුන් නිර්දේශ මත පිහිටුවමින් අඩු ආදායම් ලබන කම්කරු ප්‍රජාවට අවශ්‍ය සහන සැලසීමට ෆෙඩරල් රජය එකඟ වී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ඉදිරියේ දී කම්කරු රැකියාවල පැයක අවම වැටුප ඩොලර් 23.23ක් වනු ඇති.

රජය විසින් හඳුන්වා දුන් තුන්වන අදියරේ බදු කප්පාදු ක්‍රමය ජූලි මස සිට ක්‍රියාත්මකවීම නියමිත අතර එමඟින් විශේෂ සහන රැසක් අඩු ආදායම්ලාභි කම්කරු ප්‍රජාවට හිමිවන බව ද සඳහන්.

ඔම්බුට්ස්මන් කාර්යාලය පෙන්වා දෙන්නේ ඔස්ට්‍රේලියානුවන්ගෙන් මිලියන 2.5ක ජනතාවක් මෙලෙස නියමිත වැටුපට වඩා අඩුවෙන් ලබා ගන්නා බවයි

වර්තමනායේ උද්ධමන අගය රට තුළ අඩුවීමක් පෙන්නුම් කරන අතර එමඟින් අඩු ආදායම් ලබන ජනතාවට වාසි අත්කරදීම රජයේ වගකීම බව ද ඔම්බුට්ස්මන් කාර්යාලය නිවේදනය කර තිබෙනවා.

කෙසේ වෙතත් ඔස්ට්‍රේලියානු සංචිත බැංකුව අනාවැකි පළ කර ඇත්තේ 2025 වසරේ දී උද්ධමනය සියයට 2 සිට 3 දක්වා ආපසු පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන නමුත් ඉදිරි වසර තුළ වැටුප් වර්ධනයේ මන්දගාමිත්වයක් ද පුරෝකථනය කරන බවයි.

ඩිලන්ත මාලගමුවට ඉතාලියේදී ජයග්‍රහණයක්

ඉතාලියේ මිසානෝ ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පථයේ ඊයේ (19) පැවැති යුරෝපියානු GT4 මෝටර් රථ ධාවන තරගයේ දෙවෙනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ප්‍රවීන මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුවට හැකියාව ලැබුණා.

Read More »

ව්‍යායාම් කරන්න ඔස්ට්‍රේලියානුවන්ට වැඩි කැමැත්තක් ඇති වෙයි

සෑම ඔස්ට්‍රේලියානුවන් 4 දෙනෙකුගෙන් එක් අයෙක් ප්‍රමාණවත් ව්‍යායාම් රටාවකට හුරුව ඇති බව නවතම දත්ත මගින් හෙළිව තිබෙනවා.

Read More »

ඩොලර් මිලියනයකට අධික මත්ද්‍රව්‍ය තොගයක් මෙල්බන් වෑන් රියකින් මතුවෙයි

මෙල්බර්න් හි වයඹ ප්‍රදේශයේදී වෑන් රථයක තිබී ඩොලර් මිලියනයකට අධික මුදලක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 30ක් පොලිසිය සොයා ගෙන තිබෙනවා.

Read More »

කාලිංග කුමාරගේ පළමු පන්තියේ තරගයකින් සුපිරි කඩඉමක් පනියි

සීකෝ ගෝල්ඩන් ග්‍රෝන් ෆ්‍රී” මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 400 ඉසව්වේ දෙවැනි ස්ථානය ශ්‍රී ලංකාවේ කාලිංග කුමාරගේ දිනාගෙන තිබෙනවා.

Read More »