මසකට වැඩි කලක් අතුරුදන් වික්ටෝරියා කාන්තාවගේ සිරුර සොයා මෙහෙයුම්

වික්ටෝරියා ප්‍රාන්තයේ බැලරට් ප්‍රදේශයේ අතුරුදන් වූ සමන්තා මර්ෆිගේ සිරුර සොයා වික්ටෝරියා පොලිසිය නව සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

විමර්ශකයින් පැවසුවේ මූලාශ්‍ර ගණනාවකින් ලබාගත් බුද්ධි තොරතුරු මත පදනම්ව බුනිනියොං රක්ෂිතය කෙරෙහි අවධානය යොමු කරන බවයි.

51 හැවිරිදි සමන්තා මර්ෆි පසුගිය පෙබරවාරි 4 වනදා බැලරට් නැගෙනහිර පිහිටි ඇගේ නිවසින් පිටත්ව ගොස් තිබුණේ ව්‍යායාම් කටයුතු සඳහායි.

ඇය අතුරුදන් වීමෙන් පසු පොලිසිය සහ ප්‍රදේශවාසීන් පසුගිය සති හයක පමණ කාලය තුළ බැලරට් වෙත සමීප කැනේඩියානු වනාන්තර ප්‍රදේශය සෝදිසි කර තිබුණා.

එම සෝදිසි කිරීම් සඳහා වික්ටෝරියා විශේෂඥ පොලිස් ඒකකය මෙන්ම උපකාර කිරීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ මහජනතාව ද සම්බන්ධ වී සිටියා.

රහස් පරීක්ෂක වැඩබලන අධිකාරී මාර්ක් හැට් ප්‍රකාශ කළේ අද ආරම්භ වන මෙහෙයුම් සඳහා විශේෂඥ සහායන් රැසක් හිමි වන අතර මෙම මෙහෙයුම සිදුවන බැවින් සෝදිසි කිරීම් සිදු නොකරන ලෙසට ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි.

22 හැවිරිදි පැට්‍රික් ඔරන් ස්ටීවන්සන් නම් තරුණයෙකු සමන්තා මර්ෆිගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් ඝාතන චෝදනාවක් මත අත්අඩංගුවට ගනු ලැබුවා.

කෙසේවෙතත් කාන්තාවගේ සිරුර ඇති ස්ථානයක් පිළිබඳ පොලිසියට මෙතෙක් කරුණු අනාවරණය කර ගැනීමට හැකිවී නැහැ

ඩිලන්ත මාලගමුවට ඉතාලියේදී ජයග්‍රහණයක්

ඉතාලියේ මිසානෝ ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පථයේ ඊයේ (19) පැවැති යුරෝපියානු GT4 මෝටර් රථ ධාවන තරගයේ දෙවෙනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ප්‍රවීන මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුවට හැකියාව ලැබුණා.

Read More »

ව්‍යායාම් කරන්න ඔස්ට්‍රේලියානුවන්ට වැඩි කැමැත්තක් ඇති වෙයි

සෑම ඔස්ට්‍රේලියානුවන් 4 දෙනෙකුගෙන් එක් අයෙක් ප්‍රමාණවත් ව්‍යායාම් රටාවකට හුරුව ඇති බව නවතම දත්ත මගින් හෙළිව තිබෙනවා.

Read More »

ඩොලර් මිලියනයකට අධික මත්ද්‍රව්‍ය තොගයක් මෙල්බන් වෑන් රියකින් මතුවෙයි

මෙල්බර්න් හි වයඹ ප්‍රදේශයේදී වෑන් රථයක තිබී ඩොලර් මිලියනයකට අධික මුදලක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 30ක් පොලිසිය සොයා ගෙන තිබෙනවා.

Read More »

කාලිංග කුමාරගේ පළමු පන්තියේ තරගයකින් සුපිරි කඩඉමක් පනියි

සීකෝ ගෝල්ඩන් ග්‍රෝන් ෆ්‍රී” මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 400 ඉසව්වේ දෙවැනි ස්ථානය ශ්‍රී ලංකාවේ කාලිංග කුමාරගේ දිනාගෙන තිබෙනවා.

Read More »