Search

ඔස්ට්‍රේලියාවේ කොරල් පර විනාශ වීමේ අවදානමක්

ඔස්ට්‍රේලියාවේ කොරල් පර විනාශ වීමේ අවදානමක් මතුව ඇති බවයි, සයන්ස් ඔෆ් ද ටෝට්ල් එන්වයරමන්ට් ජර්නලය පෙන්වා දෙන්නේ.

ඒ නවතම අධ්‍යයනයකදී හඳුනාගත් කරුණු කිහිපයක් මත බව සඳහන්.

කොරල් පර සහ දූපත් විනාශවීම පිලිබඳව දිගු කාලීන අධ්‍යයනයක් සිදුකළ බවයි, සිඩ්නි විශ්ව විද්‍යාලයේ ආචාර්ය තෝමස් ෆෙලෝස් පවසන්නේ.

එහිදී හෙළිව ඇත්තේ කාලගුණ විපර්යාස නිසා ඇතිවූ උෂ්ණත්ව වැඩිවීම් හා මුහුදු මට්ටම ඉහළ යාම, කොරල් විනාශ වීමට ප්‍රධාන සාධක වී ඇති බවයි.

ඛණිජ ඉන්ධන භාවිතය ද කොරල් පද්ධති විනාශ වීමට හේතුවී තිබෙන බවයි අධ්‍යයන වාර්තාවේ දැක්වෙන්නේ.

ඔස්ට්‍රේලියාවේ මහා බාධක කොරල් පරය විනාශ වීමට ද කාලගුණ විපර්යාස හේතුවී තිබුණා.

ඔස්ට්‍රේලියාව ආශ්‍රිත කිසිදු කොරල් පද්ධතියක් ආරක්ෂිත නැතැයි පෙන්වාදෙන ආචාර්යවරයා කියාසිටින්නේ, ජලජ සතුන්ගෙන් සියයට 25 ක් පමණ ඔවුන්ගේ ජීවන කාලයෙන් යම් කොටසක්  කොරල් පද්ධති ආශ්‍රිතව දිවි ගෙවන බවයි.

කොරල් විනාශවීම එම සතුන්ට ද හානිදායක බවයි සඳහන් වෙන්නේ.

ඇල්ගී ව්‍යප්තියෙන් බලපෑමට ලක්වූ ධීවරයන්ගේ බලපත්‍ර ගාස්තු ගැන තීරණයක්

දකුණු ඔස්ට්‍රේලියාවේ වෙරළ තීරය පුරා පැතිර යන අහිතකර ඇල්ගී පැතිරයාමෙන් බලපෑමට ලක්වූ ධීවරයන්ට පාලන ගාස්තු සහ බලපත්‍ර ගාස්තු අහෝසි කිරීම සඳහා ඉල්ලුම් කිරීමේ අවස්ථා සලසා දී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියා සමාගම්වල අලෙවිය සහ ලාභදායිත්වය තියුණු ලෙස ඉහළ ගොස් ඇතැයි ජාතික ඔස්ට්‍රේලියා බැංකු සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා. ජූනි මාසයේ ණය ගැනීමේ පිරිවැය අඩුවීම සහ උද්ධමනය ස්ථාවර

Read More »

නොමිලේ පිළිකා පරීක්ෂණ ලබාගත හැකි වයස් සීමාවන් නිවේදනය කරයි

(ලියාපදිංචි විය හැකි වෙබ් පිටුව පහලින් දක්වා ඇත) පිළිකා පරීක්ෂණ වැඩසටහන් නොමිලේ ලබාගැනීම සදහා සුදුසුකම් ලැබිය හැකි වයස් සීමාවන් රජය විසින් හදුන්වා දී තිබෙනවා. ඔස්ට්‍රේලියාවේ

Read More »

අවුරුදු 6 ක දැරියක් 45 හැවිරිදි පුද්ගලයෙකුට විවාහ කරදීමේ පුවතක්

වයස අවුරුදු හයක ගැහැණු දරුවෙකු 45 හැවිරිදි පුද්ගලයෙකු සමග විවාහ කරදීමට තැත් කිරීමේ පුවතක් ඇෆ්ගනිස්ථානයෙන් වාර්තා වනවා. 

Read More »