හෙක්ටාර 15000 ක කපු වගා ව්‍යාපෘතියක් නෝදන් ටෙරිටරි හි

හෙක්ටාර 15000 ක කපු වගා කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කෙරෙන්නේ ඔස්ට්‍රේලියාවේ නෝදන් ටෙරිටරි හි ප්‍රදේශ කිහිපයක බවයි සඳහන් වෙන්නේ.

එය නෝදන් ටෙරිටරි හි විශාලතම කපු වගාව බවට පත්වනු ඇති.

නව සැලසුම සමග විදේශ වෙත වැඩි වශයෙන් කපු අපනයනයට ඔස්ට්‍රේලියාවට හැකිවන බවයි, ව්‍යාපෘතිය මෙහෙයවන ඩබ්ලිව්.ඒ.එන්.ටී ආයතනය සඳහන් කරන්නේ.

නෝදන් ටෙරිටරි හි පළමු කපු සැකසුම් කම්හල ද විවෘත කෙරුණා.

ඒ හේතුවෙන් කපු වගා කරුවන්ට අස්වැන්න අලෙවි කිරීමේ පහසුවක් ඇතිවන බවයි, කොට්න් ඔස්ට්‍රේලියා ප්‍රධාන විධායක ඇඩම් කේ සඳහන් කරන්නේ.

මීට පෙර කපු සැකසීම සඳහා කිලෝමීටර් 3000 ක් පමණ රැගෙන යාමටයි නෝදන් ටෙරිටරි හි වගා කරුවන්ට සිදුව තිබුණේ.

එහෙත් දැන් නවීනතම තාක්ෂණික පහසුකම් සහිත කර්මාන්තශාලාවක් ඔවුන්ට ලැබී ඇති බවයි කොට්න් ඔස්ට්‍රේලියා පෙන්වා දෙන්නේ.

ඉදිරියේදී තවත් කපු සැකසුම් කම්හලක් නෝදන් ටෙරිටරි හි පිහිටුවීමට ද සැලසුම් කර ඇති බව සඳහන්.