Search

පොළී අනුපාතික ඉහළ දැමීමට සමගාමීව ප්‍රධාන බැංකු නිවාස පොළී ඉහළ දැමීම අරඹයි

ෆෙඩරල් සංචිත බැංකුව විසින් ඊයේ සිදුකල පොළී අනුපාතික ඉහළ දැමීමට සමගාමීව ප්‍රධාන බැංකු විසින් සිය නිවාස පොළී අනුපාතිකයන් ඉහළ දැමීමද ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව නොවැම්බර් 17 වනදා සිට බලපැවැත්වෙන පරිදි නිවාස පොළිය සියයට 0.25 කින් ඉහළ දමන බවයි NAB බැංකුව අද නිවේදනය කරනු ලැබුවේ.

ඊට සමගාමීව ඉතුරුම් තැන්පතු සඳහා ලබාදෙන පොළියද වැඩි කෙරෙන බව ඔවුන් තවදුරටත් සඳහන් කලා.

ෆෙඩරල් සංචිත බැංකුව විසින් ඊයේ සිට Cash rate අගය සියයට 4.35 දක්වා වැඩි කරනු ලැබුවා.

සෙසු ප්‍රධාන බැංකු විසින්ද නිවාස පොළී ඉහළ දැමීම් ඉදිරයේදී දැනුම් දීමට නියමිතයි.

වික්ටෝරියා පොලිස් අත්අඩංගුවේ සිටියදී රැඳවියෙක් Cyanide කා මරුට

අත්අඩංගුවට ගැනීමට යාමේදී Cyanide පානය කර මියගිය පුද්ගලයාගේ මරණය වැළැක්විය නොහැකි එකක් බව වික්ටෝරියා ප්‍රාන්තයේ මරණ පරීක්ෂකයෙකු තහවුරු කර තිබෙනවා.

Read More »