ඔස්ට්‍රේලියානුවන් streaming සේවා වියදම් කපාහරී

ඔස්ට්‍රේලියානුවන් මුදල් ගෙවා ලබාගත යුතු streaming සේවා සඳහා සිදුකරන වියදම් සැළකිය යුතු අගයකින් කපා හැර ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

ඉහළ ජීවන වියදම හමුවේ ජනතාව විනෝදාස්වාදය සදහා සිදුකෙරෙන වියදම් කපා හැරීම්වලට සමගාමීවයි එය සිදුකර ඇත්තේ.

නෙට්ෆ්ලික්ස් වැනි සේවා සඳහා වැයකරන සාමාන්‍ය මාසික වියදම ඩොලර් 62 සිට ඩොලර් 57 දක්වා පහත වැටී තිබීම විශේෂත්වයක්.

තරුණ – වැඩිහිටි මෙන්ම වයෝවෘද්ධ යන සියලු වයස් කාණ්ඩ මේ වනවිට මුදල් ගෙවිය යුතු නොමැති සේවා වෙත නැඹුරුවීම ඉහළ ගොස් ඇති බව සඳහන්.

2023 ට සාපේක්ෂව පසුගිය වසරවල එලෙස විනෝදාස්වාදය සඳහා සිදුකල වියදම් සියයට 45 කින් පමණ ඉහළ ගොස් තිබුණා.

ඉහළ යන ජීවන වියදම හමුවේ අදාල සේවා කප්පාදු කිරීමට සියලූ වයස් කාණ්ඩ සුදානම්ව සිටින බව හඳුනාගෙන තිබෙනවා.

ඩිජිටල් විනෝදාස්වාද සේවාවන්ගෙන් පිටත සගරා, පුවත්, සංගීත සහ ක්‍රීඩා වැනි අංශ වෙත ජනතාව යොමුවීමේ ප්‍රවණතාවයක් පෙන්නුම් කරන බවයි වාර්තා වන්නේ.

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය භාවිතා කරන්න බැරිවෙන ලකුණු

මෙරට සමාජ මාධ්‍ය භාවිතය සඳහා වයස් සීමාවන් බලපැවැත්වෙන නව ක්‍රියාමාර්ග හඳුන්වා දෙන්නැයි සිදු කෙරෙන ඉල්ලීම් වැඩි වෙමින් ඇතැයි වාර්තා වනවා.

Read More »

ශ්‍රී ලංකා ජනපති සහ ඉලෝන් මස්ක් අතර හමුවක්

ඉන්දුනීසියාවේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලොව ප්‍රධාන පෙළේ ධනවතෙක් ලෙස සැලකෙන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මෙන්ම ට්විටර් සමාගමේ හිමිකරු වන ඉලෝන් මස්ක් හමුවී තිබෙනවා.

Read More »

සිඩ්නිහි තවත් පිහි ඇනුමකින් පොලිස් නිලධාරියෙක් රෝහලේ

සිඩ්නි නුවර සීබීඩීහි එලිසබෙත් වීදියේ දී පොලිස් නිලධාරියකුගේ හිසට පිහියෙන් ඇන බරපතල තුවාල සිදු කිරීමට සම්බන්ධ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය බලධාරීන්ට අභියෝගයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ පාසැල් ළමුන් අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඉලෙක්ට්‍රොනික දුම්වැටි පාලනය සඳහා පාසැල් මට්ටමින් නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

Read More »