Woolworths බැටලූ මස් කිලෝවක මිල $ 08 ක් දක්වා පහළට

එළඹෙන උත්සව සමයට සමගාමීව බැටළු මස් ආශ්‍රිත නිශ්පාදන මිළ සියයට 20 කින් පහළ දැමීමට වූල්වර්ත්ස් සුපිරි වෙළඳසැල් පාලනාධිකාරිය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව බැටළු මස් ආශ්‍රිත නිෂ්පාදන 26 ක මිල ගණන් අඩුකර ඇති අතර බැටලූ මස් කිලෝවක මිල ඩොලර් 8 ක් දක්වා පහළ දමා ඇති බව සඳහන්.

මිල ගණන් පහළ යෑම හමුවේ පාරිභෝගිකයින් හට වැඩි වාසි අත්වුව ද තමන් දැඩි පීඩාවට පත්ව සිටින බවයි බැටලූ මස් නිෂ්පාදකයන් සඳහන් කර ඇත්තේ.

මෙ තත්වය මත ගොවීන්ගේ ගැටලූ සම්බන්ධයෙන් වෙළඳසැල් හිමියන් අවධානය නොකරන බවටයි ගොවීන් චෝදනා නගන්නේ.

ඔස්ට්‍රේලියානු මස් කර්මාන්ත කවුන්සිලයේ ප්‍රධාන විධායක පැට්‍රික් හචින්සන් සඳහන් කර ඇත්තේ ඉදිරියේදී සුපිරි වෙළඳසැල් වලට සාපේක්ෂව අනෙක් වෙළඳසැල් වල බැටලූ මස් ආශ්‍රිත නිශ්පාදන මිල ගණන්වලද පහතයාමක් අපේක්ෂා කරන බවයි.

පාරිභෝගිකයින් බැටලූ මස් සඳහා ගෙවන මුදලට සාපේක්ෂව ඉතා අවම අගයක් සත්ව නිශ්පාදකයින් වෙත ලැබීම සම්බන්ධයෙන් ගොවීන් කණගාටුවට පත්ව තිබුණා.

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය භාවිතා කරන්න බැරිවෙන ලකුණු

මෙරට සමාජ මාධ්‍ය භාවිතය සඳහා වයස් සීමාවන් බලපැවැත්වෙන නව ක්‍රියාමාර්ග හඳුන්වා දෙන්නැයි සිදු කෙරෙන ඉල්ලීම් වැඩි වෙමින් ඇතැයි වාර්තා වනවා.

Read More »

ශ්‍රී ලංකා ජනපති සහ ඉලෝන් මස්ක් අතර හමුවක්

ඉන්දුනීසියාවේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලොව ප්‍රධාන පෙළේ ධනවතෙක් ලෙස සැලකෙන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මෙන්ම ට්විටර් සමාගමේ හිමිකරු වන ඉලෝන් මස්ක් හමුවී තිබෙනවා.

Read More »

සිඩ්නිහි තවත් පිහි ඇනුමකින් පොලිස් නිලධාරියෙක් රෝහලේ

සිඩ්නි නුවර සීබීඩීහි එලිසබෙත් වීදියේ දී පොලිස් නිලධාරියකුගේ හිසට පිහියෙන් ඇන බරපතල තුවාල සිදු කිරීමට සම්බන්ධ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය බලධාරීන්ට අභියෝගයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ පාසැල් ළමුන් අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඉලෙක්ට්‍රොනික දුම්වැටි පාලනය සඳහා පාසැල් මට්ටමින් නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

Read More »