
ඔස්ට්‍රේලියාවේ දැනට පවතින සංක්‍රමණ රැඳවුම් නියෝග අභියෝගයට ලක්කරමින් පාර්ශව කිහිපයක් මහාධිකරණය හමුවේ නඩු පවරා තිබෙනවා.
ඒ අනුව සංක්‍රමණික රැඳවුම් භාරයේ සිටින පුද්ගලයින් දින නියමයක් නොමැතිව රඳවා තබා ගැනීමට ඔස්ටේ්‍රලියානු රජයට පවතින බලතල අඩු කල යුතු බවටයි තර්ක කර ඇත්තේ.
පැමිණිලිකරුවන් පෙන්වා දෙන්නේ වසර 20 ක් පමණ පැරණි නීති මත පිහිටා සංක්‍රමණිකයින් දින නියමයක් නොමැතිව රදවා ගැනීම සුදුසු නොවන බවයි.

දැනට ආගමන විගමන රැඳවුම් භාරයේ සිටින සංක්‍රමණිකයින් රඳවා තබා ගැනීමේ සාමාන්‍ය කාලය දින 708 ක් ලෙසයි තක්සේරු කර ඇත්තේ.
මේ අතර මානව හිමිකම් මධ්‍යස්ථාන නියෝජිතයන් පවසන්නේ ලොව වෙනත් රටවලට වඩා සාමාන්‍ය රැඳවුම් දින ඉක්මවා මෙරට සංක්‍රමණිකයින් රඳවා සිටින බවයි.

සංක්‍රමණික රැඳවුම් කාලසීමාව නිශ්චිත ලෙස සඳහන් කර සංක්‍රමණිකයින්ගේ මානව අයිතිවාසිකම් ආරක්ෂා කර දෙන ලෙස ඉල්ලමිනුයි පැමිණිලි කරුවන් මහධිකරණයේ නඩු පවරා ඇත්තේ.