Bulk billing ක්‍රමයට ගාස්තු අය කරන වෛද්‍යවරුන් සඳහා අද සිට ප්‍රසාද දීමනා තවත් ඉහළට

Bulk billing ක්‍රමයට ගාස්තු අය කරන වෛද්‍යවරුන් සඳහා හිමිවන ප්‍රසාද දීමනා අද සිට තවත් ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව නාගරික ප්‍රදේශවල සිටින වෛද්‍යවරුන්ට, එක් රෝගියෙකු වෙනුවෙන් ඩොලර් 20 යි ශත 65 ක දිමනාවක් බැගින්ද දුෂ්කර ප්‍රදේශවල සිටින වෛද්‍යවරුන්ට ඩොලර් 40 ක් බැගින් ද හිමිවීමට නියමිතයි.

විශ්‍රාමිකයන් – විවිධ සුබ සාධන කාඩ්පත් හිමියන් සහ වයස අවුරුදු 16 ට අඩු දරුවන් සඳහා ප්‍රතිකාර කිරීමේදී මෙම දීමනා හිමිවනු ඇති.

මේ යටතේ Bulk billing ක්‍රමයට ප්‍රතිකාර ලබාගැනීමට තවත් ඔස්ටේ්‍රලියානුවන් මිලියන 11 කට පමණ අද සිට අවස්ථාව හිමිවන බවයි පැවසෙන්නේ.

පසුගිය අයවැය යෝජනාවක් අනුව ක්‍රියාත්මක වන මෙම වැඩපිළිවෙල හේතුවෙන් ඉදිරි වසර 05 දී ෆෙඩරල් රජයට දැරීමට සිදුවන මුදල ඩොලර් බිලියන 3.5 ක් පමණ වන බවටද ගණන් බලා තිබෙනවා.