මන්ත්‍රී – රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න ගමන් කළ මෝටර් රියට වෙඩි

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න ගමන් කළ මෝටර් රියට කිසියම් පිරිසක් අනුරාධපුර ගුවන්තොටුපොළ පාරේ ඔහුගේ පියාගේ නිවෙස අසලදී වෙඩි තබා ඇතැයි අනුරාධපුර මූලස්ථාන පොලීසිය පවසයි.

කෙසේ වෙතත් වෙඩි තැබීමෙන් මන්ත්‍රීවරයාට හෝ වෙනත් කිසිවකුටත් අනතුරක්වී නැත.

මන්ත්‍රීවරයා නිවෙසට පැමිණෙමින් සිටියදී වෑන් රියකින් පැමිණි පිරිසක් ඔහුගේ මෝටර් රියට මෙසේ වෙඩි කිහිපයක් තබා පලා ගොස් ඇතැයි පොලීසිය පවසයි.

අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු නිලධාරීහු පිරිසක් ඒ මොහොතේම ඒ ස්ථානයට ගොස් සිද්ධිය පිළිබඳව පරීක්ෂණ ආරම්භ කළහ.

උද්දික ප්‍රේමරත්න පසුගිය මහ මැතිවරණයේදී අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට තේරී පත්විය.

ඔහු විමල් වීරවංශ නායකත්වය දරන ජාතික නිදහස් පෙරමුණේ සාමාජිකයකු වන අතර මෑතක සිට පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළේය.

මෙල්බන් ලාංකික දියණියක් ලෝක යොවුන් මේස පන්දු ශූරතා ඔස්ට්‍රේලියා කණ්ඩායමට

2023 ලෝක යොවුන් මේස පන්දු ශූරතාවය සඳහා ඔස්ට්‍රේලියාව නියෝජනය කිරීමට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත සනායා බුද්ධදාස ක්‍රීඩිකාවටද අවස්ථාවක් ලැබී තිබෙනවා.

Read More »

මැලේසියාවේ දී ලාංකික 03 ක් ඝාතනය කළ බවට සැක ලාංකික 02 ක් භාරවෙයි

මැලේසියාවේ සෙන්තුල් ප්‍රදේශයේදී ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු එරට පොලීසියට භාර වී තිබේ.

Read More »