
Australia Post පාරිභෝගිකයන්ට ලැබෙන Scam ඝනයට යටත් වන නවතම වංචා සහගත පණිවුඩයක් සම්බන්ධයෙන් අනතුරු ඇගවීමක් සිදු කෙරෙනවා.
කුරියර් සේවා සමාගමක් විසින් එවන පණිවුඩයක් ලෙසින් මෙම පණිවුඩය ලැබෙන අතර පාර්සලයක් බෙදා හැරීමට නොහැකි වූ බවයි එහි සඳහන් වන්නේ.
ඒ අනුව Australia Post හි සහය පිටුවට (help page) පිවිසිය හැකි බව දැක්වෙන link එකක්ද මෙම කෙටි පණිවුඩයේ අන්තර්ගත කර තිබෙනවා.

එම ලින්ක් එකට පිවිසීමෙන් පුද්ගලික දත්ත සොරා ගැනීමක් සිදුවන බවටයි අනතුරු ඇගවෙන්නේ.
අන්තර්ජාලයෙන් කිසිදු භාණ්ඩයක් මිළදී නොගත් පුද්ගලයන්ට පවා මෙවැනි පණිවුඩ ලැබී ඇති බවද සඳහන්.

link එකක් click කරන ලෙස තම පාර්ශවය විසින් කිසිදු ආකාරයක කෙටි පණිවුඩ යොමු කිරීමක් සිදු නොකරන බවයි Australia Post අවධාරණය කරන්නේ.