ස්කොට් මොරිසන් ඉල්ලා අස්විය යුතු නෑ – විපක්ෂ නායක කියයි

Robodebt (රොබෝ ඩෙබ්ට්) කොමිසමේ වාර්තාව පදනම් කරගෙන හිටපු අගමැති ස්කොට් මොරිසන් ට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස එල්ලවන බලපෑම් ලිබරල් සන්ධාන විපක්ෂය ප්‍රතික්ෂේප කරනවා.

විපක්ෂ නායක පීටර් ඩට්න් අවධාරණය කලේ හිටපු අගමැතිවරයාට පමණක් චෝදනා එල්ල කිරීම සාධාරණ නොමැති බවයි.

ණය ලාභීන්ගෙන් අමතර ගාස්තු අය කිරීම ඇතුලු අක්‍රමිකතා කිහිපයක් සම්බන්ධයෙන් හිටපු සමාජ සේවා ඇමතිවරයෙකු මෙන්ම හිටපු අගමැතිවරයාද වන ස්කොට් මොරිසන් වගකිව යුතු බවටයි පසුගිය සිකුරාදා නිකුත් වු රොබෝ ඩෙබ්ට් වාර්තාවේ දක්වා තිබුණේ.

එහෙත් ඔහු එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

වත්මන් අගමැති ඇන්තනී ඇල්බනීස් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සඳහන් කලේ මීට අදාළව තීරණයක් ගැනීම ස්කොට් මොරිසන් විසින්ම ගත යුතු බවයි.

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය භාවිතා කරන්න බැරිවෙන ලකුණු

මෙරට සමාජ මාධ්‍ය භාවිතය සඳහා වයස් සීමාවන් බලපැවැත්වෙන නව ක්‍රියාමාර්ග හඳුන්වා දෙන්නැයි සිදු කෙරෙන ඉල්ලීම් වැඩි වෙමින් ඇතැයි වාර්තා වනවා.

Read More »

ශ්‍රී ලංකා ජනපති සහ ඉලෝන් මස්ක් අතර හමුවක්

ඉන්දුනීසියාවේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලොව ප්‍රධාන පෙළේ ධනවතෙක් ලෙස සැලකෙන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මෙන්ම ට්විටර් සමාගමේ හිමිකරු වන ඉලෝන් මස්ක් හමුවී තිබෙනවා.

Read More »

සිඩ්නිහි තවත් පිහි ඇනුමකින් පොලිස් නිලධාරියෙක් රෝහලේ

සිඩ්නි නුවර සීබීඩීහි එලිසබෙත් වීදියේ දී පොලිස් නිලධාරියකුගේ හිසට පිහියෙන් ඇන බරපතල තුවාල සිදු කිරීමට සම්බන්ධ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය බලධාරීන්ට අභියෝගයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ පාසැල් ළමුන් අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඉලෙක්ට්‍රොනික දුම්වැටි පාලනය සඳහා පාසැල් මට්ටමින් නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

Read More »