
එන්ජින් දෝෂයක් හේතුවෙන් ඔස්ට්‍රේලියාව තුළ අලෙවි කරනු ලැබූ හයියුන්ඩායි වර්ගයේ මෝටර් රථ 13,000 කට අධික සංඛ්‍යාවක් ආපසු කැඳවා තිබෙනවා.
මෙම දෝෂය හමුවේ ඇතැම්විට වාහනය ගිනි ගැනීමකට පවා ඉඩ ඇති බවයි පැවසෙන්නේ.
2014 සහ 2017 අතර කාලයේදී නිෂ්පාදනය කරන ලද මෝටර් රථ හයියුන්ඩායි වර්ගයේ මාදිලි 02 කට අයත් මෝටර් රථ මෙලෙස ආපසු කැඳවා ඇති බව සඳහන්.

Veloster (FS) and Tucson (TL) (variants: FS 1.6GDI, TL 2.0MI) (2014 – 2017)
අදාළ මෝටර රථ භාවිත කරන කිසියම් අයෙකු හෝ වෙතොත් නොමිළයේ තත්ව පරීක්ෂාවක් සිදුකර ගැනීම සඳහා සිය අලෙවි නියෝජිතයා අමතන ලෙසයි ඉල්ලීමක් කෙරෙන්නේ.
