Aged care ආහාර පැමිණිලි නව ක්ෂණික ඇමතුම් අංකය මේ මාසයේ

ප්‍රමිතියෙන් බාල ආහාර ලබාදෙන aged care මධ්‍යස්ථාන පිළිබඳ පැමිණිලි කිරීමේ නව ක්‍රමවේදයක් හඳුන්වාදීමට ෆෙඩරල් රජය සුදානම් වනවා.

ඒ සඳහා ඩොලර් මිලියන 13 ක මුදලක් වෙන් කර ඇති බවයි විශය භාර ඇමතිනී අනිකා වෙල්ස් සඳහන් කලේ.

මේ යටතේ aged care නේවාසිකයන්ට ලබාදෙන ආහාර පිළිබඳ පැමිණිලි හෝ උපදෙස් ලබාගැනීම සඳහා නව ක්ෂණික ඇමතුම් අංකයක්ද මේ මාසයේදී හඳුන්වා දෙනු ඇති.

ආහාර වේල් 500 ක් පරීක්ෂා කිරීම මෙන්ම ස්ථානීය පරීක්ෂා 700 ක් සිදු කිරීමද තවත් සැළසුමක්.

aged care සේවකයන්ට ඉතිහාසයේ විශාලම වැටුප් වැඩිවීම මෙවර අයවැයෙන් යෝජනා කෙරුණා.

ඊට සමගාමීව aged care නේවාසිකයන්ට හිමිවන සැළකිල්ලද ඉහළ යා යුතු බවයි ෆෙඩරල් රජය අවධාරණය කරන්නේ.

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය භාවිතා කරන්න බැරිවෙන ලකුණු

මෙරට සමාජ මාධ්‍ය භාවිතය සඳහා වයස් සීමාවන් බලපැවැත්වෙන නව ක්‍රියාමාර්ග හඳුන්වා දෙන්නැයි සිදු කෙරෙන ඉල්ලීම් වැඩි වෙමින් ඇතැයි වාර්තා වනවා.

Read More »

ශ්‍රී ලංකා ජනපති සහ ඉලෝන් මස්ක් අතර හමුවක්

ඉන්දුනීසියාවේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලොව ප්‍රධාන පෙළේ ධනවතෙක් ලෙස සැලකෙන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මෙන්ම ට්විටර් සමාගමේ හිමිකරු වන ඉලෝන් මස්ක් හමුවී තිබෙනවා.

Read More »

සිඩ්නිහි තවත් පිහි ඇනුමකින් පොලිස් නිලධාරියෙක් රෝහලේ

සිඩ්නි නුවර සීබීඩීහි එලිසබෙත් වීදියේ දී පොලිස් නිලධාරියකුගේ හිසට පිහියෙන් ඇන බරපතල තුවාල සිදු කිරීමට සම්බන්ධ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය බලධාරීන්ට අභියෝගයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ පාසැල් ළමුන් අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඉලෙක්ට්‍රොනික දුම්වැටි පාලනය සඳහා පාසැල් මට්ටමින් නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

Read More »