Robodebt වාර්තාවෙන් අයුතු දේශපාලන වාසි ගන්නා බවට විපක්ෂ නායකගෙන් චෝදනා

Robodebt (රොබෝ ඩෙබ්ට්) කොමිෂන් වාර්තාව හරහා අයුතු දේශපාලන වාසියක් ලබාගැනීමට අගමැති ඇන්තනී ඇල්බනීස් උත්සාහ දරන බවට විපක්ෂ නායක පීටර් ඩට්න් චෝදනා කරනවා.

අදාළ ණය පහසුකම් වැඩපිලිවෙලේදී අපහසුතාවයට පත් ජනතාවට කණගාටුව පළකරන බවයි ඔහු සඳහන් කලේ.

2015 වසරේදී සිදුකල උපරිම ණය සීමා ඉහළ දැමීමේදී එවක සමාජ සේවා අමාත්‍ය මෙන්ම පසුකාලීන අගමැතිවරයාද වූ ස්කොට් මොරිසන් විසින් සිය වගකීම පැහැර හැර ඇති බවට ඊයේ නිකුත් කෙරුණු අදාල කොමිෂන් වාර්තාවෙන් චෝදනා නගා තිබුණා.

2019 වසරේදී මෙම ක්‍රමය අසාර්ථක බවට එවක පැවති ලිබරල් සන්ධාන රජය විසින් පිළිගත් අතර අගමැති ලෙස කටයුතු කල ස්කොට් මොරිසන් විසින් ප්‍රසිද්ධියේ සමාව අයැද සිටියේ 2020 වසරේදීයි.

සුපර් ඇනයුෂන් වැනි සේවාවලට අදාළව ණය ආපසු ලබාගැනීමේදී දෝෂ සහගත අයුරින් කටයුතු කර ඇති බවට අනාවරණය වීමත් සමග අදාළ ණය හිමියන්ට එම අමතර මුදල් ආපසු ගෙවීමටද එහිදී පියවර ගැණුනා.

මෙම සිද්ධිය පදනම් කරගෙන පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වීම හෝ නොවීම පිළිබඳ තීරණයක් ගත යුතු වන්නේ හිටපු අගමැති මොරිසන් විසින්ම බවයි වත්මන් අගමැති ඇන්තනී ඇල්බනීස් ඊයේ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කලේ.

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය භාවිතා කරන්න බැරිවෙන ලකුණු

මෙරට සමාජ මාධ්‍ය භාවිතය සඳහා වයස් සීමාවන් බලපැවැත්වෙන නව ක්‍රියාමාර්ග හඳුන්වා දෙන්නැයි සිදු කෙරෙන ඉල්ලීම් වැඩි වෙමින් ඇතැයි වාර්තා වනවා.

Read More »

ශ්‍රී ලංකා ජනපති සහ ඉලෝන් මස්ක් අතර හමුවක්

ඉන්දුනීසියාවේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලොව ප්‍රධාන පෙළේ ධනවතෙක් ලෙස සැලකෙන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මෙන්ම ට්විටර් සමාගමේ හිමිකරු වන ඉලෝන් මස්ක් හමුවී තිබෙනවා.

Read More »

සිඩ්නිහි තවත් පිහි ඇනුමකින් පොලිස් නිලධාරියෙක් රෝහලේ

සිඩ්නි නුවර සීබීඩීහි එලිසබෙත් වීදියේ දී පොලිස් නිලධාරියකුගේ හිසට පිහියෙන් ඇන බරපතල තුවාල සිදු කිරීමට සම්බන්ධ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය බලධාරීන්ට අභියෝගයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ පාසැල් ළමුන් අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඉලෙක්ට්‍රොනික දුම්වැටි පාලනය සඳහා පාසැල් මට්ටමින් නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

Read More »