ජීවන වියදම වැඩිවී ඔස්ට්‍රේලියානුවන් පැරණි බඩු විකිණීම ඉහළට

ජීවන වියදම ඉහළයාම හමුවේ ඔස්ට්‍රේලියානුවන් විසින් පැරණි භාණ්ඩ අලෙවි කිරීම ඉහළ ගොස් තිබෙනවා.

අන්තර්ජාලය හරහා මෙන්ම සතිපතා හෝ මාසිකව පැවැත්වෙන වෙන්දේසි සඳහා එවැනි භාණ්ඩ ඉදිරිපත්වීම ඉහළගොස් ඇති බව සඳහන්.

වයස අවුරුදු 65 ට වැඩි ඔස්ට්‍රේලියානුවන් සැළකිය යුතු පිරිසක් සතුව වසර 100 ක් පමණ පැරණි කෞතුක භාණ්ඩ පවා ඇති බවයි වාර්තා වන්නේ.

පවතින ආර්ථික වාතාවරණය හමුවේ අධික මිළ ගණන්වලට එම භාණ්ඩ අලෙවි කිරීමට ඔවුන් පෙළඹී ඇති බවටයි තහවුරු කරගෙන ඇත්තේ.

එහෙත් පැරණි භාණ්ඩ මිළදී ගැනීමට තරුණ ඔස්ට්‍රේලියානුවන් සතු කැමැත්ත අඩුවී ඇති බවද අනාවරණය කරගෙන තිබෙනවා.

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය භාවිතා කරන්න බැරිවෙන ලකුණු

මෙරට සමාජ මාධ්‍ය භාවිතය සඳහා වයස් සීමාවන් බලපැවැත්වෙන නව ක්‍රියාමාර්ග හඳුන්වා දෙන්නැයි සිදු කෙරෙන ඉල්ලීම් වැඩි වෙමින් ඇතැයි වාර්තා වනවා.

Read More »

ශ්‍රී ලංකා ජනපති සහ ඉලෝන් මස්ක් අතර හමුවක්

ඉන්දුනීසියාවේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලොව ප්‍රධාන පෙළේ ධනවතෙක් ලෙස සැලකෙන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මෙන්ම ට්විටර් සමාගමේ හිමිකරු වන ඉලෝන් මස්ක් හමුවී තිබෙනවා.

Read More »

සිඩ්නිහි තවත් පිහි ඇනුමකින් පොලිස් නිලධාරියෙක් රෝහලේ

සිඩ්නි නුවර සීබීඩීහි එලිසබෙත් වීදියේ දී පොලිස් නිලධාරියකුගේ හිසට පිහියෙන් ඇන බරපතල තුවාල සිදු කිරීමට සම්බන්ධ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය බලධාරීන්ට අභියෝගයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ පාසැල් ළමුන් අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඉලෙක්ට්‍රොනික දුම්වැටි පාලනය සඳහා පාසැල් මට්ටමින් නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

Read More »