
නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ රියදුරන්ට අපේක්ෂා කල කාලයට පෙර එක් අප්‍රසාද ළකුණක් (demerit point) ඉවත් කර ගැනීමට අවස්ථාවක් ලැබී තිබෙනවා.
පසුගිය ප්‍රාන්ත මැතිවරණ සමයේදි ලේබර් පක්ෂය විසින් ලබාදුන් පොරොන්දුවක් මාස 06 කට පෙර ක්‍රියාත්මක කරමිනුයි එය ක්‍රියාත්මක කරනු ලබන්නේ.
මේ අනුව කිසියම් වරදකට අදාළව අප්‍රසාද ළකුණු නියමවී ඇති රියදුරන්ට පසුගිය මාස 12 තුළදී එම වරද නැවතත් සිදුකර නොමැති නම් එක් අප්‍රසාද ළකුණක් ඉවත් කර ගැනීමේ හැකියාව පවතිනවා.

පසුගිය ජනවාරි 17 වනදා සිට බලාත්මක වන පරිදි මෙම සහනය ලබාදෙන අතර රියදුරන් ලක්ෂ 17 කට පමණ එම අවස්ථාව හිමිවනු ඇති බව සඳහන්.
සාමාන්‍යයෙන් එක් අප්‍රසාද ළකුණක් ඉවත් කර ගැනීමට ගතවන කාලය වසර 03 කටත් අධිකයි.

P- පුවරු භාවිතකරන රියදුරන් මෙන්ම පුහුණු රියදුරන්ටද මෙම වරප්‍රසාදය අත්වන බවයි නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය සඳහන් කලේ.