NSW යතුරු පැදි කල්ලි මර්දනයට අමතර බලතල

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ ක්ෂණික විහිදුම් පොලිස් බලකායට අමතර බලතල ලබා දී තිබෙනවා.

ඒ අනුව ප්‍රාන්තයේ යතුරු පැදි කල්ලි මර්දනයටද ඔවුන්ට අවස්ථාව හිමිවන බවයි ප්‍රාන්ත අගමැති සඳහන් කලේ.

නිවු සවුත් වේල්ස් හි සංවිධානාත්මක අපරාධ මර්දනයට 2018 වසරේ සිට ක්‍රියාත්මක කල නියමු වැඩසටහනක සාර්ථක්තවය මතයි මෙම පියවර ගෙන ඇත්තේ.

2009 වසරේදී ස්ථාපිත කරනු ලැබු මෙම ක්ෂණික විහිදුම් බලකාය විසින් මේ දක්වා අත්අඩංගුවට ගැනීම් 7,500 ක් පමණ සිදුකර ඇති අතර ගිණි අවි 2,000 ක් ද සිය භාරයට ගෙන තිබෙනවා.

ඔවුන් විසින් සිදුකල වැටලීම් අනුව ගොණු කර ඇති චෝදනා සංඛ්‍යාව 19,000 කට ආසන්නයි.