බටහිර ඔස්ට්‍රේලියාවේ සෑම නිවසකටම $ 400 ක විදුලි බිල් සහනයක්

බටහිර ඔස්ට්‍රේලියාවේ සෑම නිවසකටම ඩොලර් 400 ක විදුලි බිල් සහනයක් දීමට ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

ඩොලර් 200 බැගින් අවස්ථා 02 කදී එම සහනය පිරිනැමීමටයි ඊයේ ඉදිරිපත් කෙරුණු ප්‍රාන්ත රජයේ අයවැය ලේඛනයට ඇතුළත් වන්නේ.

මේ අනුව ජූලි-අගොස්තු මාසවලදී සහ නොවැම්බර්-දෙසැම්බර් මාසවලදී මෙම ගාස්තු සහනය ලබාදීමටයි නියමිතයි.

සුලු පරිමාණ ව්‍යාපාරික ස්ථාන සඳහා මෙවර බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්ත රජයේ අයවැයෙන් ඩොලර් 650 ක ගාස්තු සහනයක් යෝජනා වී තිබෙනවා.

ඊයේ ඉදිරිපත් කෙරුණු බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්ත රජයේ අයවැය ලේඛනය අනුව වියදමට වඩා ඩොලර් බිලියන 4.2 ක ආදායම් අතිරික්තයක් ඉදිරි මූල්‍ය වර්ෂයේදී පුරෝකථනය කර තිබිමද විශේෂත්වයක්.

උත්සව සමයට සමගාමීව ඔස්ට්‍රේලියානුවන් සයිබර් අපරාධවලට ගොදුරුවීමේ ඉහළයාමක්

උත්සව සමයට සමගාමීව අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ හා සේවා මිලදී ගන්නා සෑම ඔස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් දෙදෙනෙක් සයිබර් අපරාධ වලට ගොදුරුවන බව අනාවරණය වී තිබෙනවා.

Read More »

උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් නව ක්‍රිකට් තේරීම් කමිටුවක්

අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් යුතුව මෙම තේරීම් කමිටුව පත්කරන බවය.

Read More »

Today’s Top Stories – Monday 04th December, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »