සිඩ්නි වාසීන්ගෙන් 83% ක් ජීවන තත්වය ගැන සෑහීමක

ලොව සෙසු ප්‍රධාන නගරවලට සාපේක්ෂව සිඩ්නි නගරවාසීන් ජීවන තත්වය පිළිබඳ සෑහීමකට පත්වන බව නවතම අධ්‍යයනයක් හෙළිකර තිබෙනවා.

පුද්ගලයන් 1000 ක් යොදාගනිමිනුයි මෙම සමීක්ෂණය සිදුකර තිබුණේ.

එහිදී සියයට 83 ක් පවසා ඇත්තේ තමන් ජීවන තත්වය පිළිබඳ සෑහීමකට පත්වන බවයි.

එය නිව්යෝර්ක් – ලන්ඩන් සහ ටොරොන්ටෝ වැනි නගර හා සැසඳීමේදී ඉහළ අගයක් වීම විශේෂත්වයක්.

කෙසේවෙතත් සියයට 85 ක් ජීවන වියදම පිළිබඳ කණස්සල්ලෙන් පසුවන බවයි මෙහිදී අනාවරණ වී ඇත්තේ.