
ඇඳන් හිගය හේතුවෙන් දකුණු ඔස්ට්‍රේලියාවේ රෝහල්වල ගිලන් රථ මහමග ගතකර ඇති කාලය තවත් ඉහළගොස් තිබෙනවා.
පසුගිය වසරේ ජූනි මාසයේදී එය පැය 3,855 ක් ලෙස සටහන්වී තිබූ අතර මෙම වසරේ මාර්තු මාසයේදී එය පැය 3,968 ක් දක්වා ඉහළගොස් ඇති බවයි නවතම සංඛ්‍යාලේඛනවල දැක්වෙන්නේ.
සේවක හිගය ඇතුලු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු කඩිනමින් විසඳාලීමට ප්‍රාන්ත රජය පියවර නොගතහොත් මෙම පැය ගණන ඉදිරියේදී තවත් ඉහළ යනු ඇති බවටද ප්‍රාන්ත විපක්ෂය අනතුරු අගවා සිටිනවා.

මෙම තත්වය රෝගීන්ගේ සෞඛ්‍යාරක්ෂාව සැළකීමේදීත් එතරම් සුභදායක නැතැයිද දකුණු ඔස්ට්‍රේලියා විපක්ෂය අවධාරණය කරනවා.
කෙසේවෙතත් ප්‍රාන්ත රජය පවසන්නේ ගිලන් රථ සම්බන්ධ ගැටලු කඩිනමින් විසඳාලන බවයි.
