
2019-20 මූල්‍ය වර්ෂයට අදාළව මෙරට කාන්තාවන් ලක්ෂ 10 කට වැඩි පිරිසකට superannuation මුදල් බැරවී ඇත්තේ නියමිත ප්‍රමාණයට වඩා අඩුවෙන් බවට අනාවරණ වී තිබෙනවා.
එහි සමස්ත වටිනාකම ඩොලර් බිලියන 1.3 ක් බවද ඇතැමුන්ට ඩොලර් 40,000 ක් වැනි මුදලක් අහිමි වී ඇති බවද සඳහන්.
වයස අවුරුදු 20 ත් 39 ත් අතර කාන්තාවන්ගෙන් 1/4 කට පමණ නොලැබී ඇති superannuation මුදලෙහි සාමාන්‍ය්‍ය ඩොලර් 1,110 ක් ලෙසයි තක්සේරු කර ඇත්තේ.

ඩොලර් 25,000 කට අඩු වාර්ෂික වැටුප් ලබන කාන්තාවන්ගෙන් සියයට 40 කට පමණ අහිමිවී ඇති මුදලෙහි සාමාන්‍යය ඩොලර් 570 ක්.
මීට ප්‍රධාන හේතුව වී ඇත්තේ ඇතැම් සේවායෝජකයන් විසින් සෑම වැටුප් චක්‍රයකදීම superannuation මුදල් බැර නොකර කාර්තුවෙන් කාර්තුවට මුදල් බැර කිරීමයි.

වසර 07 කදී පමණ මෙලෙස සේවායෝජකයන් විසින් අඩුවෙන් ගෙවා ඇති superannuation මුදලෙහි එකතුව ඩොලර් බිලියන 10 ද ඉක්මවනු ඇති බවටද මේ අතර තක්සේරු කර තිබෙනවා.
මෙලෙස වැඩියෙන්ම superannuation මුදල් බැර කර නොමැති අංශ වනුයේ aged care – child care – හෙදියන් – ආගන්තුක සත්කාර සහ සිල්ලර වෙළඳාම් බව ද සඳහන්.