විදෙස් සංචාරකයන් නැරඹිය යුතුම ලැයිස්තුවට ඔස්ට්‍රේලියාවේ ස්ථාන 02 ක්

2023 වසරේදී විදෙස් සංචාරකයන් නැරඹිය යුතුම ස්ථාන ලැයිස්තුවට ඔස්ට්‍රේලියාවේ ස්ථාන 02 ක් ද නම් කර තිබෙනවා.

සුප්‍රකට ටයිම් සගරාව විසිනුයි ලොව පුරා දර්ශනීය ස්ථාන ඇතුළත් වන පරිදි මෙම නම් කිරීම සිදුකර ඇත්තේ.

ඊට අනුව දකුණු ඔස්ට්‍රේලියාවේ කැන්ගරු දූපත විදෙස් සංචාරකයන් විසින් සංචාරය කල යුතුම ස්ථානයක් ලෙස නම් කර තිබෙනවා.

එහි කිමිදුම් ක්‍රීඩා මෙන්ම දර්ශනීය ස්ථාන ඊට හේතුවී ඇති බව සඳහන්.

ටයිම් සගරාව විසින් සිය ශ්‍රේණිගත කිරීමට ඇතුළත් කර ඇති අනෙක් ඔස්ට්‍රේලියානු ගමනාන්තය වන්නේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ අගනුවර වන බ්‍රිස්බන් නගරයයි.

එහි ඇති වෙරළ තීරයන් – අවන්හල් මෙන්ම නැරඹීමට ඇති ස්ථාන මෙම නම් කිරීමට හේතුවී ඇති බව ටයිම් සගරාව නිවේදනය කලා.

ඩිලන්ත මාලගමුවට ඉතාලියේදී ජයග්‍රහණයක්

ඉතාලියේ මිසානෝ ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පථයේ ඊයේ (19) පැවැති යුරෝපියානු GT4 මෝටර් රථ ධාවන තරගයේ දෙවෙනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ප්‍රවීන මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුවට හැකියාව ලැබුණා.

Read More »

ව්‍යායාම් කරන්න ඔස්ට්‍රේලියානුවන්ට වැඩි කැමැත්තක් ඇති වෙයි

සෑම ඔස්ට්‍රේලියානුවන් 4 දෙනෙකුගෙන් එක් අයෙක් ප්‍රමාණවත් ව්‍යායාම් රටාවකට හුරුව ඇති බව නවතම දත්ත මගින් හෙළිව තිබෙනවා.

Read More »

ඩොලර් මිලියනයකට අධික මත්ද්‍රව්‍ය තොගයක් මෙල්බන් වෑන් රියකින් මතුවෙයි

මෙල්බර්න් හි වයඹ ප්‍රදේශයේදී වෑන් රථයක තිබී ඩොලර් මිලියනයකට අධික මුදලක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 30ක් පොලිසිය සොයා ගෙන තිබෙනවා.

Read More »

කාලිංග කුමාරගේ පළමු පන්තියේ තරගයකින් සුපිරි කඩඉමක් පනියි

සීකෝ ගෝල්ඩන් ග්‍රෝන් ෆ්‍රී” මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 400 ඉසව්වේ දෙවැනි ස්ථානය ශ්‍රී ලංකාවේ කාලිංග කුමාරගේ දිනාගෙන තිබෙනවා.

Read More »