රථවාහන වැරදි හඳුනාගැනීමට වික්ටෝරියා ප්‍රාන්තය පුරා නව කැමරා

රථවාහන වැරදි සිදුකරන රියදුරන් හඳුනාගැනීමට වික්ටෝරියා ප්‍රාන්තය පුරා නව කැමරා ස්ථාපිත කර තිබෙනවා.

ආසන පටි නොපැළඳීම සහ දුරකථන භාවිත කරමින් රිය පැදවීම කෙරෙහි එහිදී වැඩි අවධානයක් යොමු කිරීමට නියමිතයි.

මෙම නව කැමරා මගින් ඕනෑම කාළගුණ තත්වයකදී පැහැදිලි ඡායාරූප ලබාගැනීමට හැකියාව පැවතීම විශේෂත්වයක්.

මෙම මාසය තුළදී ක්‍රියාත්මක වීම ආරම්භ කෙරුණද රියදුරන්ට දඩ පත්‍රිකා නිකුත් කිරීම ආරම්භ වන්නේ තවත් මාස 03 කට පසුව බවයි වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය දන්වා සිටින්නේ.

දුරකථන භාවිත කරමින් රිය පැදවීමට ඩොලර් 555 ක දඩයක් සහ අප්‍රසාද ළකුණු 04 ක් නියම කෙරෙන අතර එය අධිකරණය හමුවට ගියහොත් ඩොලර් 1849 ක උපරිම දඩයක් නියම කල හැකියි.

ආසන පටි නොපැළඳීම සම්බන්ධයෙන් පැණවිය හැකි දඩ මුදල ඩොලර් 370 ක්.

මෙම කැමරා මගින් මාරක රිය අනතුරු සංඛ්‍යාව සියයට 95 කින් පමණ අඩු කරගැනීමට හැකිවනු ඇති බවයි වික්ටෝරියා ප්‍රාන්ත රජය අනාවැකි පළකරන්නේ.

ඩිලන්ත මාලගමුවට ඉතාලියේදී ජයග්‍රහණයක්

ඉතාලියේ මිසානෝ ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පථයේ ඊයේ (19) පැවැති යුරෝපියානු GT4 මෝටර් රථ ධාවන තරගයේ දෙවෙනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ප්‍රවීන මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුවට හැකියාව ලැබුණා.

Read More »

ව්‍යායාම් කරන්න ඔස්ට්‍රේලියානුවන්ට වැඩි කැමැත්තක් ඇති වෙයි

සෑම ඔස්ට්‍රේලියානුවන් 4 දෙනෙකුගෙන් එක් අයෙක් ප්‍රමාණවත් ව්‍යායාම් රටාවකට හුරුව ඇති බව නවතම දත්ත මගින් හෙළිව තිබෙනවා.

Read More »

ඩොලර් මිලියනයකට අධික මත්ද්‍රව්‍ය තොගයක් මෙල්බන් වෑන් රියකින් මතුවෙයි

මෙල්බර්න් හි වයඹ ප්‍රදේශයේදී වෑන් රථයක තිබී ඩොලර් මිලියනයකට අධික මුදලක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 30ක් පොලිසිය සොයා ගෙන තිබෙනවා.

Read More »

කාලිංග කුමාරගේ පළමු පන්තියේ තරගයකින් සුපිරි කඩඉමක් පනියි

සීකෝ ගෝල්ඩන් ග්‍රෝන් ෆ්‍රී” මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 400 ඉසව්වේ දෙවැනි ස්ථානය ශ්‍රී ලංකාවේ කාලිංග කුමාරගේ දිනාගෙන තිබෙනවා.

Read More »