ඔස්ට්‍රේලියාව තුළ E-දුම්වැටි මුලුමනින්ම තහනම් කල යුතු බවට යෝජනාවක්

ඔස්ට්‍රේලියාව තුළ ඉලෙක්ට්‍රොනික දුම්වැටි භාවිතය මුලුමනින්ම තහනම් කල යුතු බවට යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා.

තරුණ තරුණියන් අතර ඒවා භාවිතය සීඝ්‍රයෙන් ඉහළගොස් තිබීම ඊට හේතුවයි.

වයස අවුරුදු 14 ත් 17 ත් අතර ඔස්ට්‍රේලියානු තරුණ තරුණියන් අතුරින් 1/3 ක් පමණ එක් අවස්ථාවකදී හෝ ඉලෙක්ට්‍රොනික දුම්වැටි භාවිත කර ඇති බවටයි තහවුරු වී ඇත්තේ.

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජයද මේ වනවිට පාර්ලිමේන්තු කමිටුවක් හරහා සමාලෝචනයක් ආරම්භ කර ඇත්තේ ඉලෙක්ට්‍රොනික දුම්වැටි සම්බන්ධයෙන් නීති මාලාවක් පැණවීමටයි.

කිසියම් ආකාරයකින් ඉලෙක්ට්‍රොනික දුම්වැටි භාවිතය ඔස්ට්‍රේලියාව තුළ තහනම් කරනු ලැබුවහොත් ඒවා ආනයනය – අලෙවිය මෙන්ම ළග තබා ගැනීමද තහනම් වනු ඇති.

BBQ සෝස් ගැන කවුරුත් නොදන්න සත්‍ය හෙළිවෙයි

ඕස්ට්‍රේලියානුවන් ආහාර පරිභෝජනයේදී භාවිතා කරනු ලබන BBQ සෝස්වල අධික සීනි සාන්ද්‍රණයක් අඩංගු බවට නව සමීක්ෂණයකින් හෙළිවී ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ සේවය කරන ඔබටත් වැටුප් ලැබෙන්නේ මෙහෙම ද?

සාමාන්‍ය ඔස්ට්‍රේලියානු සේවකයෙකූ සෑම වසරකදීම ඩොලර් 21,000ක වැටුපක් ලැබිය යුතු අමතර කාලයක් සේවයේ නිරත වී ඇති බව නව සමීක්ෂණයක් මගින් අනාවරණය වී තිබෙනවා.

Read More »

තරග පැරදුණු ශ්‍රී ලංකා කණ්ඩායම ගංවතුරට කොටුවෙයි

අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයට බලපෑම් කර ඇති ජලගැලීම් තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ද බටහිර ඉන්දීය දූපත් බලා පිටත්ව යාමට නොහැකි වී ඇතැයි වාර්තා වනවා.

Read More »