මෙම වසර තුළදී ඔස්ටේ්‍රලියානුවන් 400,000 කට වැඩි පිරිසක් ඇල්කොහොල් භාවිතය අත්හිටුවනු ඇති බව හෙළිවී තිබෙනවා.
සෞඛ්‍යමය හේතු සහ ඉහළ යන ජීවන වියදම ඊට බලපා ඇති බවයි නවතම සමීක්ෂණයකදී අනාවරණ වි ඇත්තේ.
පුද්ගලයන් 1085 දෙනෙකු යොදාගනිමින් මෙම අධ්‍යයනය සිදුකර තිබුණා.
මෙම ලක්ෂ 04 කට අධික පිරිසෙන් 238,000 කට ආසන්න පිරිසක්ම වයස අවුරුදු 25 ත් 40 ත් අතර පිරිස් බවටයි හඳුනාගෙන ඇත්තේ.
සමස්ත පිරිසෙන් 3/4 ක් ම පිරිමි පාර්ශවය බවටද අනාවරණ වි තිබෙනවා.
ඇල්කොහොල් භාවිතය අත්හිටුවීම හරහා සතියකට ඩොලර් 38 ක් හෙවත් වසරකට ඩොලර් 1971 ක මුදලක් ඉතිරි කරගත හැකි බවටයි තක්සේරු කර ඇත්තේ.