ස්වදේශික ජනමත විචාරණය වසරේ දෙවන කාර්තුවේදී

ඔස්ටේ්‍රලියාවේ ස්වදේශික ජනතාවගේ හඩ පාර්ලිමේන්තුවේ නියෝජනය වන පරිදි ව්‍යවස්ථාවට ගෙන එන සංශෝධන ඉදිරි මාස කිහිපයේදී හඳුන්වාදෙන බවට නීතිපතිවරයා සහතික වනවා.

ඔහු සඳහන් කලේ පාර්ලිමේන්තුවේදී සම්මතවීමෙන් අනතුරුව නව නීති මාලාව ජනමත විචාරණයකට යොමු කෙරෙන බවයි.

එය බොහෝ දුරට මෙම වසරේ දෙවන කාර්තුවේදී සිදුවනු ඇති බවද නීතිපතිවරයා කියාසිටියා.

කෙසේවෙතත් මෙම සංශෝධන බහුතර ඡන්දයෙන් පාර්ලිමේන්තුවේදී සමම්තවීම අවිනිශ්චිත තත්වයකයි පවතින්නේ.

නැෂනල්ස් පක්ෂය ඇතුලු පාර්ශව කිහිපයක් විසින් දැනටමත් ඊට විරුද්ධත්වය පළකර තිබීම ඊට හේතුවයි.

ඩිලන්ත මාලගමුවට ඉතාලියේදී ජයග්‍රහණයක්

ඉතාලියේ මිසානෝ ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පථයේ ඊයේ (19) පැවැති යුරෝපියානු GT4 මෝටර් රථ ධාවන තරගයේ දෙවෙනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ප්‍රවීන මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුවට හැකියාව ලැබුණා.

Read More »

ව්‍යායාම් කරන්න ඔස්ට්‍රේලියානුවන්ට වැඩි කැමැත්තක් ඇති වෙයි

සෑම ඔස්ට්‍රේලියානුවන් 4 දෙනෙකුගෙන් එක් අයෙක් ප්‍රමාණවත් ව්‍යායාම් රටාවකට හුරුව ඇති බව නවතම දත්ත මගින් හෙළිව තිබෙනවා.

Read More »

ඩොලර් මිලියනයකට අධික මත්ද්‍රව්‍ය තොගයක් මෙල්බන් වෑන් රියකින් මතුවෙයි

මෙල්බර්න් හි වයඹ ප්‍රදේශයේදී වෑන් රථයක තිබී ඩොලර් මිලියනයකට අධික මුදලක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 30ක් පොලිසිය සොයා ගෙන තිබෙනවා.

Read More »

කාලිංග කුමාරගේ පළමු පන්තියේ තරගයකින් සුපිරි කඩඉමක් පනියි

සීකෝ ගෝල්ඩන් ග්‍රෝන් ෆ්‍රී” මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 400 ඉසව්වේ දෙවැනි ස්ථානය ශ්‍රී ලංකාවේ කාලිංග කුමාරගේ දිනාගෙන තිබෙනවා.

Read More »