ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි වේග පන්දු යවන්නෙකු වන බ්‍රෙට් ලී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු උපදේශකවරයා වශයෙන් පත්කර ඇති බව ට සමාජ මාධ්‍ය තුළ සංසරණය වන පුවතෙහි කිසිදු සත්‍යතාවක් නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා ගෙන් සිදුකළ විමසීමකදී ඔහු කියා සිටියේ ශ්‍රී ලංකා කළමනාකාරීත්වය බ්‍රෙට් ලී සමග එවැනි කිසිදු සාකච්ඡාවක් පවත්වා හෝ ඔහුව වේගපන්දු උපදේශක පුහුණුකරු ලෙස එකතු කර ගැනීමට හෝ කිසිදු අදහසක් නොමැති බවයි.
ලෝක කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12දෙනාගේ තරග වටයේ ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර තරගය සිඩ්නි හිදී පැවැත් වෙයි.
තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත්විය.
ඒ අනුව ඔවුන් තීරණය කළේ ප්‍රථමයෙන් පන්දු යැවීමටය.