Search

සලකා බැලීමට ඉතිරි වීසා අයදුම්පත් ප්‍රමාණය අඩුවෙයි

සලකා බැලීමට ඉතිරිව ඇති වීසා අයදුම්පත් ප්‍රමාණය 880,000 ක් පමණ දක්වා අඩුවී ඇතැයි සංක්‍රමණ අමාත්‍ය ඇන්ඩෲ ගයිල්ස් පවසනවා.

එය පසුගිය මැයි මාසය හා සැසඳීමේදී අයදුම්පත් මිලියනයක පමණ අඩුවීමක් බව සඳහන්.

මේ අතර නිපුණතා ශ්‍රමික වීසා බලපත්‍රයක් සඳහා සුදුසුකම් ලැබීමේ අවම වැටුප වෙනස් කිරීම කෙරෙහිද ෆෙඩරල් රජය අවධානය යොමුකර ඇතැයි අමාත්‍යවරයා අනාවරණය කරනවා.

තාවකාලික පුහුණු සංක්‍රමණිකයෙකුට අනුග්‍රහය දැක්වීමේදී පිරිනැමිය යුතු අවම වැටුප දැනට ඩොලර් 53,900 ලෙස පවතින අතර දශකයකට ආසන්න කාලයක් එය එම අගයේම පවතිනවා.

පූර්ණ කාලීන රැකියාවලින් 80% කට වඩා වැඩි වැටුප් මෙම අගයට වඩා වැඩි බවයි සංක්‍රමණ අමාත්‍යවරයා අනාවරණය කලේ.

මෙම අගය ඩොලර් 60,000 ත් 90,000 ත් අතර දක්වා ඉහළ දැමිය යුතු බවටයි යෝජනා ඉදිරිපත්වී ඇත්තේ.

මෙල්බන්හිදී සිය මෝටර් රථයේම ගැටී අසාධ්‍ය වූ කාන්තාව

මෙල්බන් රෝහල ඉදිරිපිට සොරකම් කරන ලද වාහනයක් නැවැත්වීමට උත්සහ කිරීමේදී සිය මෝටර් රථයේම ගැටී කාන්තාවක් බරපතල තුවාල ලබා තිබෙනවා.

Read More »

COVID-19 එන්නත් ගැන වැඩිහිටි ඔස්ට්‍රේලියානුවන්ට අනතුරු ඇඟවීමක්

වැඩිහිටි ඔස්ට්‍රේලියානුවන් ශීත සෘතුවට පෙර COVID-19 එන්නත් ලබාගැනීමේ අවශ්‍යතාවයක් පවතින බවට අනතුරු ඇවීමක් නිකුත්කර තිබෙනවා.

Read More »