නවසීලන්ත Visit වීසා ඉල්ලන ලාංකිකයන්ට දැනුම්දීමක්

සංචාර වැනි කෙටිකාලීන කටයුතු සඳහා නවසීලන්ත තාවකාලික වීසා අයදුම්කරන ශ්‍රී ලාංකිකයන්ට කොළඹ පිහිටි නවසීලන්ත තානාපති කාර්යාලය විසින් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව වීසා මුද්‍රා තැබීම සඳහා විදේශ ගමන් බලපත්‍රයම එවීම අවශ්‍ය නොවන අතර එහි ස්කෑන් කරන ලද පිටපතක් එවීම පමණක් ප්‍රමාණවත් වනු ඇති.

කෙසේවෙතත් අයදුම්පත තවදුරටත් සළකා බැලීමේදී අවශ්‍ය යැයි හැගී ගියහොත් වීසා නිලධාරීන් විසින් විදේශ ගමන් බලපත්‍රය ඉල්ලා සිටිය හැකි බවද නවසීලන්ත මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කලා.

මෙය වීසා අයදුම්පත් සළකා බැලීම වේගවත් කිරීම සඳහා ගනු ලැබූ තාවකාලික පියවරක් පමණක් බවයි නවසීලන්ත ආගමන විගමන අංශ පවසන්නේ.

ශිෂ්‍ය වීසා ඇතුලු අනෙකුත් දිගුකාලීන වීසා අයදුම් කිරීමේදී මෙම සහනය අදාළ වන්නේ නැහැ.

මේ පිළිබඳ වැඩිදුර විස්තර පහතින් :

https://www.immigration.govt.nz/about-us/our-online-systems/applying-for-a-visa-online/sending-your-passport

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය භාවිතා කරන්න බැරිවෙන ලකුණු

මෙරට සමාජ මාධ්‍ය භාවිතය සඳහා වයස් සීමාවන් බලපැවැත්වෙන නව ක්‍රියාමාර්ග හඳුන්වා දෙන්නැයි සිදු කෙරෙන ඉල්ලීම් වැඩි වෙමින් ඇතැයි වාර්තා වනවා.

Read More »

ශ්‍රී ලංකා ජනපති සහ ඉලෝන් මස්ක් අතර හමුවක්

ඉන්දුනීසියාවේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලොව ප්‍රධාන පෙළේ ධනවතෙක් ලෙස සැලකෙන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මෙන්ම ට්විටර් සමාගමේ හිමිකරු වන ඉලෝන් මස්ක් හමුවී තිබෙනවා.

Read More »

සිඩ්නිහි තවත් පිහි ඇනුමකින් පොලිස් නිලධාරියෙක් රෝහලේ

සිඩ්නි නුවර සීබීඩීහි එලිසබෙත් වීදියේ දී පොලිස් නිලධාරියකුගේ හිසට පිහියෙන් ඇන බරපතල තුවාල සිදු කිරීමට සම්බන්ධ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය බලධාරීන්ට අභියෝගයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ පාසැල් ළමුන් අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඉලෙක්ට්‍රොනික දුම්වැටි පාලනය සඳහා පාසැල් මට්ටමින් නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

Read More »